IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිද්ධස්ථානවල සිටින සිවිල් ආරක්ෂකයෝ ගෙදර?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වසර ගණනාවක් තිස්සේ පන්සල්,පල්ලි ,කෝවිල්වල සිටින සිවිල් ආරක්ෂක බලකායේ 2500ක් 3000ක් පමණ සේවය දිගටම ගෙන යන්න පුළුවන් කියා තමා විශ්වාස නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පන්සල් වල සිටින සිවිල් ආරක්ෂක බලකා පිරිසේ බිල රුපියල් බිලියන දෙක හමාරක් පමණ වෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා සමහරුන් මේ ස්ථානවල හරක් බැලීම කුණු එකතු කිරීම මෙවැනි කාර්යයන් කරමින් සිටින බව පැවසීය.

මේ අය කරන්නේ මොනවාද?සේවයට එනවද?කියා කිසිම ඇගයීමක් හෝ පසු විපරමක් කරන්න හැකියාවක් නැතැයි ද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

මේ අයගේ සේවය සම්බන්ධයෙන් ඇගයීමක් කරන්න සිද්ධ වෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙය කාලානුරූපීව ක්ෂය වන සේවයක් බවට පත්ව තිබෙන අතර මෙි 32000 ම දීර්ඝ කාලීනව තියාගෙන ඉන්න හැකියාවක් නැතැයි කීය.

එම සේවය අඩු පිරිසකගෙන් ජනතාවට ලබාදෙන්න බලාපොරොත්තු වෙන බවද රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

 



අදහස් (7)

සිද්ධස්ථානවල සිටින සිවිල් ආරක්ෂකයෝ ගෙදර?

City Thursday, 25 May 2023 06:26 PM

ආගමික ස්ථාන වල වරප්‍රසාද තිබ්බාට, මිනිස්සු විඳවමින් ඉන්නේ...

:       2       6

Nimal Thursday, 25 May 2023 08:14 PM

ඊට කළින් ඇමැති ගොල්ලන් අඩු කරන විදිහක් හිතුවොත් නරකද මහත්තයෝ? සිවිල් බලකායේ මිනිස්සු කුණුටික හරි එකතු කරනවා. නුඹලා ඒ තරම්වත් වැදගත් දෙයක් කරනවද? ගහන කොමිස් ඒවයි, හොරාකන ඒවයි එකතු කළාම, ඔබලගේ එක ඇමැතියෙක් අයින් කළත් රටටම සෑහෙන්න දෙන්න පුළුවන්...

:       3       22

N gamage Friday, 26 May 2023 05:43 AM

ඉතා හොඳ ජොබ් එකක්

:       0       1

ලුම්බිණි Friday, 26 May 2023 05:59 AM

මේවා ආගමික ස්ථාන. මේවට රජයෙන් ආරක්ෂාව දෙන්න අවශ්‍ය නැහැ.

:       1       2

සසර Friday, 26 May 2023 07:17 AM

පාර්ලිමේන්තු නිකමුන් නඩත්තු කිරීමට මීට වඩා මුදලක් වැය වේ.

:       0       3

දුමින්ද Friday, 26 May 2023 07:38 AM

ආගමික ස්ථාන රැක බලා ගැනීම , නඩත්තුව , සංවර්ධනය ඒ ඒ ආගම්වල ගිහි පාර්ශවයේ වගකීමක් මිස රජයේ වගකීමක් නෙවෙයි.

:       1       1

prasad Friday, 26 May 2023 09:10 AM

ක්ශය වන සේවයක් කියන්නෙ වැඩේ අරන් ඉවර උනාම ගෙදර යවන එකක් නෙවෙයි මහත්තයො.අලුතෙන් බඳවාගැනීම් නොකරන එකක්.මේ ආන්ඩුවට පන්සල් එක්ක පුදුම ඇරියස් එකක්නෙ තියෙන්නෙ..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 545 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1073 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site