IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සද්දන්තයකුගේ දළ ලක්ෂ 50කට විකුණන්න ගිහින්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

අඩි හතරකට ආසන්න දිගින් යුත් ඇත් දළ දෙකක් රුපියල් ලක්ෂ 50 කට විකිණීමට උත්සාහ දැරූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය කියයි.

මාතර ප්‍රදේශයේ පුද්ගලයකු විශාල ප්‍රමාණයේ ඇත් දළ යුගලක් විකිණීමට ගැනුම්කරු සොයමින් සිටින බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් දින කිහිපයකට ඉහත දී මාතර ප්‍රදේශයේ බලා පිටත් වී ඇත් දළ යුගළ සන්තකයේ තබා ගෙන සිටින පුද්ගලයා සමග දුරකථනයෙන් සම්බන්ධ වී මාතර පිටබැද්දර ප්‍රදේශයේ විහාරස්ථානයක් අසලදී නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් වී ඇත.

ඇත්දළ ජාවාරම සංවිධානාත්මක ජාලයක් විසින් මෙහෙයවන අතර ව්‍යාපාරික වෙස් ගෙන මිලදී ගන්නා මුවාවෙන් ගිය පොලිස් කණ්ඩායමේ එක් සාමාජිකයකුට පමණක් එය නැරඹීමට අවස්ථාව ලබා දිය හැකි බව පවසා යතුරු පැදියක් ප්‍රධාන මාර්ගයට ඒවා එක් අයකු පමණක් රැගෙන කැලෑවල් තුළින් අතුරු මාර්ග ඔස්සේ කිලෝමීටර දෙකහමාරක් පමණ දුරක් ගොස් ඇත් දල දෙක පෙන්වා තිබූ බව පොලිසිය කියයි.

රුපියල් ලක්ෂ පනහකට ඇත් දළ යුගල මිලදී ගැනීමට කැමැත්ත පළ කර එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව එම ඇත් දළ යුගලේ හිමිකරු බව කියන පුද්ගලයකු එම ස්ථානයට පැමිණ ඇති අතර ඒ සමඟම සෙසු පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබූ බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (0)

සද්දන්තයකුගේ දළ ලක්ෂ 50කට විකුණන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site