IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ස්ථිර මාර්ග බාධක ඉවත්කරන්නැයි පෙත්සමක්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

කොළඹ නගරය තුළ ඉදිකර ඇති ස්ථීර මාර්ග බාධක ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකර ඇති පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන ජුනි මස 22 වන දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග  කළේය.

මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, කුමුදිණී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (24) යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

ගම්පහ වජිර පාරෙහි අංක 15/3, දරන ස්ථානයෙහි පදිංචි මාධ්‍යවේදී ෂෙනාල් ජයසේකර  සහ පරිසරවේදියකු වන රංජිත් සිසිර කුමාර යන මහත්වරුන් විසින් ගොනුකරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත්තේ, පොලිස්පතිවරයා, කොටුව සහ කොල්ලුපිටිය යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, මාර්ග සංවර්ධන අධිකාරිය, මානව හිමිකම් කොමිසම සහ නිතිපතිවරයා ය.

පොලිසිය විසින් කොළඹ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය සහ කොටුව ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකරනු ලැබ ඇති ස්ථිර මාර්ග බාධක හේතුවෙන් මහජනතාවට නිදහසේ ගමන් බිමන් යාමට ඇති මුලික අයිතිවාසිකම උල්ලංඝණය වී ඇති බව පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉදිරිපත් කර තිබිණී.

මේ හේතුවෙන් මහජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇති බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගයට ගැනීමට නියෝග කර මෙම ස්ථිර මාර්ග බාධක යෙදීම තුළින් තමන්ගේත් ජනතාවගේත් මුලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත්, එම මාර්ග බාධක ඉවත් කිරීමට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නිතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය සහ නිතීඥ රවීන්ද්‍රනාත් දාබරේ යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටිහ.



අදහස් (0)

ස්ථිර මාර්ග බාධක ඉවත්කරන්නැයි පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 226 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 729 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site