(අංජුල මහික වීරරත්න)
සති හයක් ඇතුළත තම රජය අන්තර් කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එම අන්තර්කාලීන අයවැය සහන අය-වැයක් ලෙස ඉදිරිපත් කරන බව කී රනිල් වික්‍රමසිංහ මහතා එමගින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන්කර ඇති මුදල් වසර දෙකක සහන වැඩසටහනක් සඳහා යොමු කරන බව සඳහන් කළේය.
අසාර්ථක ආර්ථික කළමනාකරණය නිසා ඇතිවූ අර්බුදය විසඳා රට සාමාන්‍ය තත්ත්වයට ගැනීමට ගත යුතු විවිධ පියවර නිසා රටේ උද්ධමනය තවත් වැඩිවිය හැකි බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.
මිලියන 22ක් වන ලාංකික ජනගහනයෙන් වඩාත් අවදානම් කණ්ඩායම් වල මූලික අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට අරමුදල් සැපයීම රජයේ මූලික අරමුණ බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සති හයකින් අන්තර්කාලීන අයවැයක්
කිරි පුතා Wednesday, 25 May 2022 02:45 PM
ණය අරන් සහනාධාර දීම යන සුපුරුදු ක්‍රියාවලිය නිසා නැවත නැවත රට ණයඋගුලේම හිරවන බැවින්, ස්වයංපෝෂිත ආර්ථිකයක් දක්වා රට රැගෙන යාමට සියල්ලන් උත්සුක වේවා...!
BamunuarachchiFriday, 27 May 2022 12:26 PM
1977 ජේ.ආර්. ගේ විවෘත ආර්ථිකය, විවෘත ලෙස භාවිතා කළ නිසා රටේ ග්‍රෝ මෝ ෆුඩ්, ග්‍රෝ යුවර් ඕන් ෆුඩ් සංකල්පය නැති වුණා. ඔන්න දැන් ග්‍රෝ මෝ ෆුඩ්, ග්‍රෝ යුවර් ඕන් ෆුඩ් සංකල්පය පටන් ගත්තා. ජෙප්පන්ව පොහොරකරලා හරි වවනවා. මහ ජෙප්පන් තිබෙන ආණ්ඩු පෙරලන්න අරගල කරන්න වරෙව් කියලා ජෙප්පන්ට කිව්වාට රට බේරාගන්න වගා කරන්න වරෙව් කියලා කියන්නේ නැහැ...
Hafeel Wednesday, 25 May 2022 02:49 PM
දැනටමත් මෙයා තෙල්වලින් සහ පාන්පිටි වලින් සහන දීලයි තියෙන්නේ...
Dharma Wednesday, 25 May 2022 08:21 PM
මට කවදාවත් රනිල් ගැන ලොකු පැහැදීමක් තිබුණේ නෑ. හැබැයි කවුරුත් මේ අභියෝගය බාර ගත්තු නැති වෙලාවෙ රනිල් ගහන මේ ගේම් එක ගැන මට පැහැදීමක් තියෙනවා. අඩුම ගානේ ප්‍රශ්නය හඳුනාගත්තු ප්‍රශ්නය අපිත් එක්ක කතා කරන ප්‍රශ්නයට උත්තරයක් හොයනවා කියන එක පේන්න තියෙන නිසා මේ අවුල අපිට ලෙහාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා..