IMG-LOGO

සතොසෙන් පරිප්පු සීමා කරයි

(නිමල කොඩිතුවක්කු)

ලංකා සතොස මගින් පාරිභෝගිකයන්ට ලබා දෙන පරිප්පු ප්‍රමාණය ග්‍රෑම් 500 දක්වා සීමා කර තිබේ.

මෙයට අමතරව හාල් උපරිම කිලෝ ග්‍රෑම් 5ක්, සීනි උපරිම කිලෝ ග්‍රෑම් දෙකක්, සැමන් උපරිම ටින් එකක් සහ පොල්ගෙඩි උපරිම තුනක් වශයෙන් භාණ්ඩ අළෙවිය සීමා කර ඇතැයි ද පාරිභෝගිකයෝ සඳහන් කරති.

බොහෝ ලංකා සතොස අලෙවිසැල් වල සීමා කර ප්‍රමාණයට හෝ භාණ්ඩ මිලදී ගැනීමට නොමැති බවද ඔවුහු සඳහන් කරති.

මිල දර්ශණය පමණක් ප්‍රදර්ශනය කර තිබුනත් සතොස ශාඛා මගින් මිලදී ගැනීමට භාන්ඩ නොතිබූ බවත් පාරිභෝගිකයේ පවසති.

සම්බා කිලෝව රුපියල් 130ක්, සුදු සහ රතු කැකුලු කිලෝව 105ක්, සුදු සීනි 130 ක්, දුඹුරු සීනි 158ක්, රතු පරිප්පු කිලොව 360ක් ආදි ලෙස සතොස අළෙවි සැල් මගින් භාන්ඩ අළෙවි කරනු ලබයි.

 



අදහස් (4)

සතොසෙන් පරිප්පු සීමා කරයි

De Thursday, 24 March 2022 05:02 AM

පුතා සතොසේ නැති වුණත්, ආණ්ඩුව නම් ජනතාවට හොඳටම පරිප්පු දෙනවා.

:       1       0

Lalith M Thursday, 24 March 2022 06:58 AM

සර් ෆේල්. ආණ්ඩුව ෆේල්. ඉතින් සතොස කියන්නේ මොකක්ද? ඒකත් ෆේල්ම තමයි... කලුකඩ වෙළඳාමේ නවතම ක්‍රමය රජය මිල පාලනයෙන් ඉවත්වීම ප්‍රකාශ කිරීම... ගජ මිතුරෙක් ගෙන්වන භාණ්ඩ තොගය කලුකඩ මිලට විකිණීමට මඟ පෑදීම...

:       0       0

චමින්ද Thursday, 24 March 2022 08:31 AM

ලාබෙට,ණයට, නිකං කන්න බලාගෙන 69 ලක්ෂයක් ඡන්දය දීලා කන පරිප්පුව හොඳටම ඇති. තවත් පරිප්පු කන්න ශක්තියක් නැහැ... 1970 -1977 අතර කාලයේ උපන් අයට පරිප්පු දකින්නට ලැබුනේ 1977 න් පස්සේ... සතොසේ සියලු බඩු ටික ඇතිසේ කියපු දවසක් තිස්සේ ධන රිනගේ බිස්සේ බඩු තිබේදැයි බලමු රිස්සේ...

:       0       0

Sm madura lakmal Thursday, 24 March 2022 06:12 PM

ඒක හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 709 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 292 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site