(ඩයනා උදයංගනී)
සතොස මගින් අලෙවි කරන ආනයනික සුදු කැකුළු, සුදු නාඩු, රතු පරිප්පු, සුදු සීනි සහ හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ වර්ග හතක මිල අද (9) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇතැයි එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසීය.
මේ යටතේ ආනයනික සුදු කැකුළු කිලෝවක මිල රුපියලු 10කිනුත්, ආනයනික සුදු නාඩු කිලෝවක මිල රුපියල් 4කින්, සුදු සීනි කිලෝවක මිල රුපියල් 19 කින්, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 31 කින්, ආනයනික හාල්මැස්සන් කිලෝවක් රුපියල් 25කින්, සුදුළුණු කිලෝවක මිල රුපියල් 155 කින්, වටානා කිලෝවක මිල රුපියල් 60 කින් අඩු කර ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව රුපියල් 195ක් ලෙස පැවති ආනයනික සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 185 දක්වාත්, රුපියල් 198 ක් ලෙස පැවති ආනයනික සුදු නාඩු කිලෝවක මිල රුපියල් 194 ක් දක්වාත්, රුපියල් 298ක් ලෙස පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 279ක් දක්වාත්, රුපියල් 460 ක් ලෙස පැවති රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 429ක් දක්වාත්, ආනයනික හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1375 සිට රුපියල් 1350 ක් දක්වාත්, සුදුළුණු කිලෝවක් රුපියල් 750 සිට 595 ක් දක්වා සහ වටානා කිලෝවක් රුපියල් 375 සිට රුපියල් 315 ක් දක්වාත් අඩු වන බව අබේවර්ධන මහතා කීය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ අනුව දිවයින පුරා සතොස අලෙවිසැල්වලින් මෙම මිලට භාණ්ඩ ලබාගත හැකි බව ඔහු පැවසීය.
එමෙන්ම අඩු ආදායම් ලාභී වතුකර ජනතාව ජීවත් වන ප්‍රදේශවල සතොස අලෙවිසැල් හරහා පාන් පිටි කිලෝවක් රුපියල් 310 කට අලෙවි කිරීමට කටයුතු කර ඇති බව ද පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
377
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතොසෙන් අලෙවි කෙරෙන භාණ්ඩ වර්ග 7ක මිල පහළට
චින්තක Friday, 09 September 2022 02:24 PM
සතොසින් පිට පුද්ගලික වෙළඳ සැල්වල සුදුළූණු ග්‍රෑම් සියයක් රුපියල් පනහට තියෙනවා.. එවිට කිලෝ එකක් රුපියල් 500ට ගන්න පුළුවන්... තොගමිල ඊටත් අඩුවෙනවා. ඇති ඉතින් සතොස මොකටද?
Santha Friday, 09 September 2022 09:44 PM
මොන සතොස ශාකාවෙද ඔය භාණ්ඩ අලවියට තියෙන්නෙ.. ගියොත් පෙට්ටි හිස්.