(කේ බුද්ධික කුමාරසිරි)
සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයකු සහ උපසභාපතිවරයකු පත්කර ගැනීම සඳහා පැවැත් වූ ඡන්ද විමසීම අද (15) දින දෙවැනි වරටත් නියමයක් නොමැතිව කල්තැබීමට බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය කටයුතු කළාය.
එසේ සිදු වුයේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය ඝණ පූරණය සභාවේ නොමැති වීම නිසාවෙනි.
මේ සම්බන්ධයෙන් වූ පළමුවරට ඡන්ද විමසීම ඉකුත් ජුනි මස 17 දින සිදුකළ අවස්ථාවේදී ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඝණ පූර්ණය නොමැති වීමෙන් නැවත චන්ද විමසීම අද (15) දින දක්වා කල් තැබීම සිදුවිය.
ඒ අනුව දෙවනිි වරටත් සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (15) දින සීතාවක ප්‍රාදේශීය සභාවේ දී උදෑසන 9.30 ට ආරම්භ විය.
එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් චන්දයක් පවත්වන්නේද විවෘත ඡන්දයක් පවත්වන්නේද යන්න සිදුකළ විමසීමේදී එක් පාර්ශවයක් විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් තවත් පාර්ශවයක් රහස් ඡන්දයක් පවත්වන ලෙසත් යෝජනා ස්ථිර කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සීතාවක ප්‍රා.ස.ඡන්ද විමසීම යළි කල් යයි
Rata Perata Wednesday, 16 July 2025 11:39 AM
රැස්වීමට එන්නේ නැති අයගේ... මන්ත්‍රීකම අහෝසි කරන්න. මේවා බදුසල්ලි කාබාසිනියා කරන වැඩ.