IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සීතාවක නගර සභාවේ දෙකක් අල්ලස් දැලේ පැටලෙති

(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අසල වෙළද සංකීර්ණයෙන් වෙළදසලක් පවරා දීම සදහා ව්‍යාපාරිකයකුගෙන් රැපියල් ලක්ෂ හතරක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට තැත්කල සීතාවකපුර නගර සභාවේ ලේකම්වරිය සහ ආදායම් පරිපාලක අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

අදාල වෙළදසල තමන්ට පවරා දීමට සහ තම උරැමයෙන් පසු ව්‍යාපාරික හවුල්කාරියට පවරා දීමට හැකිවන පරිදි අදාල ලිපි ගොනු ඉක්මනින් සකස්කර දීම වෙනුවෙන් සැකකරුවන් විසින් පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ පහක මුදලක් ඉල්ලා ඇති බවත් පසුව කතාබහ කර අදාල අල්ලස් මුදල රැපියල් ලක්ෂ හතරක් දක්වා අඩු කර ගෙන එය ලබා ගැනීමට සැරසුණු අවස්ථාවේදී සැකකරුවන් අත් අඩංගුවට ගත් බවද එම කොමිසම පවසයි.

සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

 



අදහස් (0)

සීතාවක නගර සභාවේ දෙකක් අල්ලස් දැලේ පැටලෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site