
රත්ගම සිට සිතුල්පව්ව විහාරස්ථානය වැද පුදා ගැනීමට ගිය බස් රථයකට දළ ඇතකු පහර දී බස් රථයේ තිබු බැතිමතුන්ගේ සියලූම ආහාර පැහැරගැනීමේ සිද්ධියක් වාර්තා වේ
ඇතා පහර දීම හේතුවෙන් බස් රථයේ පැමිණි 30ක් පමණ බැතිමතුන් අතරින් එක් තරුණියකට විදුරු කෑලි වැදි සුළු තුවාල සිදුව ඇතැයි සිතුල්පව්ව පොලිස් මුරපොලේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ සම්බන්ධව සිතුල්ව්ව රජ මහා විහාරයේ විහාරාධිපති මැටරඹ හේමරතන නායකයන්ගෙන් අප කළ විමසීමේ දී උන්වහන්සේ පැවසුවේ ඔය කියන සිද්ධිය සත්‍ය බවත් මේ කපිල නැමැති දළ ඇතා පසුගිය වසර තුනක් පමණ තුළ වාහන 500කට අධික ප‍්‍රමාණයකට මේ අයුරින් පහර දී බැතිමතුන් හිරිහැරයට හා කරදරයට පත් කර ඇති බවයි
මෙම ඇතා මෙම ප‍්‍රදේශයෙන් ඉවත් කරන ලෙස අදාල අංශ වෙත ලිපි මගින් හා වාචික වසර ගණනාවක් සිට ඉල්ලූම් කළත් මෙතෙක් පලක් නොවු බව සිතුල් පව්ව විහාරාධිපති නාහිමියෝ වැඩිදුරටත් පැවැසූහ

2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිතුල්පව්ව ගිය බසයට ඇතා පහරදීලා
උපාසක Tuesday, 25 April 2023 05:31 PM
ඇතාගෙ කවුරු හරි වනජීවී දෙපාර්තමේන්තුවට අල්ලස් දුන්නාද බලන්න එහෙම නැත්නම් ඔය කියන කැලෑවෙ මොනවා හෝ හොර වැඩක් සිදුවේද බලන්න ඔහොම ගියොත් බැතිමතුන් සිතුල්පව්ව වදින්න නොයාවි කියලා හිතෙනවා
Kumar (Gulf) Tuesday, 25 April 2023 06:19 PM
නියමයි "ඇතා "
Sampath Tuesday, 25 April 2023 10:15 PM
අරක්කු තිබුණොත් ඔය ඇතාට පෙන්නන්න බෑ ගහනවාමයි.
ලුම්බිණි Wednesday, 26 April 2023 11:10 AM
ඇතා මෙම ප‍්‍රදේශයෙන් ඉවත් කරන එක වැරදියි.