
(අංජුල මහික වීරරත්න)
සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ (ISTRM) වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
මෙම නව වෙබ් අඩවිය, සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයෙහි කාර්ය භාරය සහ ප්‍රගතිය පිළිබඳ උනන්දුවක් දක්වන අය සඳහා ප්‍රධාන සම්පත් ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනු ලබයි.
විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා යන අමාත්‍යවරුන් විසින් සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාවක් (CTUR) පිහිටුවීමටත්, ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකිරීම වෙනුවෙන් අන්තර්වාර ලේකම් කාර්යාලයක් පිහිටුවීම සඳහාත් වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර අමාත්‍ය මණ්ඩලය විසින් 2023 මැයි 29 දිනැතිව එම යෝජනාව අනුමත කරන ලදී.

2025 දෙසැම්බර් මස 18
599
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සත්‍යය සහ සංහිඳියා වෙබ් අඩවිය දියත් කරයි
රාලහාමි Tuesday, 30 July 2024 04:57 PM
සත්‍ය සංහිඳියාව කොහේද? "ගෝත්‍රික" පාලකයින් සිටින රටක් ශ්‍රී ලංකාව කියන්නේ. ඒ බව දැන් මුළු ලෝකෙම දන්නවා.
fairoosTuesday, 30 July 2024 06:12 PM
එවැනි පාලකයන් පත්කළේ කවුද දන්නේ නැහැ...?
අරවින්ද මොනරවිල Tuesday, 30 July 2024 06:21 PM
බොරුව හා වංචාව රජ කරන සමාජයක සත්‍ය හා සංහිඳියාව ගැන කියන කතා සුරංගනා කතා වගෙයි.
ලුම්බිණි Wednesday, 31 July 2024 11:55 AM
තවත් මුදල් නාස්තියක් පමණි.