IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සත්ත්ව ආහාර සදහා ධාන්‍ය ගෙන්න අවසර ගත් ආයතනවලට කොන්දේසි

(නිමල කොඩිතුවක්කු)

සත්ත්ව ආහාර සදහා ධාන්‍ය ගෙන්වීමට අවසර ලබාගත් ආයතන, එසේ බාරගත් ප්‍රමාණ දෙසැම්බර් 31 වනදාට පෙර මෙරටට ගෙන්වීමට අපොහොසත් වුවහොත් එම ආයතන සියල්ල අසාදු ලේඛණ ගත කිරීමට පියවර ගන්නා බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පැවසීය.

2022 වසරේ පලමු හා දෙවන කාර්තු වලට ගෙන්විය යුතු බඩ ඉරිගු වලින් මෙතෙක් ගෙන්වා ඇත්තේ 27% පමණක් බවත් සත්ව ආහාර සහ ඒ ආශ්‍රීත නිශ්පාදන මිළ ඉහළ යාමට මෙය හේතු වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිළධාරීන් මෙන්ම සත්ත්ව ආහාර නිෂ්පාදකයින්,සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනකරුවන්  සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

2022 වසර සදහා සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමට ධාන්‍ය මෙට්‍රික් ටොන් 2,25,000 ක් ආනයන කිරීමට රජය අවසර ලබා දී තිබුනත් මෙතෙක් ගෙන්වා තිබෙන්නේ මෙ.ටො. 62,762 ක් පමණක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මෙම තත්ත්වය සෘජුව ආහාර මිල ඉහල යෑමටත්, වක්‍රව බිත්තර මිල ඉහල යාමටත් බලපාන බැවින් තමන් ගෙන්වන බව පවසමින්  වෙන්කරගෙන තිබෙන කෝටාව ස්ථිර වශයෙන්ම දෙසැම්බර් 31 ට පෙර ගෙන්වන්නේද යන්න ඔක්තෝම්බර් 07 වනදාට පෙර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුට අදාල සියලු ආයතන ලිඛිතව දැනුම් දිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය.



අදහස් (1)

සත්ත්ව ආහාර සදහා ධාන්‍ය ගෙන්න අවසර ගත් ආයතනවලට කොන්දේසි

මහසෙන් Thursday, 29 September 2022 09:55 PM

පාර්ලිමේන්තුවට කෑම ගෙන්වන්න, ඉක්මන් කරන්නලු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site