
(ගයාන් සූරියආරච්චි)
මැදවච්චිය, තුලාවේලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට පහරදී තුවාල සිදුකිරීම හා තොරතුරු සටහන් පොතෙහි වෙනස්කර කූට ලේඛන සකස් කළ බව කියන කැබිතිගොල්ලෑව පොලිසියට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි සැරයන්වරු දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය (III) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිසියට අනුයුක්තව සේවය කළ සැරයන්වරුන් දෙදෙනකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සැරයන්වරුන් දෙදෙනා ඉකුත් අප්‍රේල් මස 7 වැනි දින මැදවච්චිය පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිට ඇත.
එහිදී පුද්ගලයකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු සටහන් පොතේ පැවැති සටහන වෙනස්කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන ඇත.
එමෙන්ම එම වෙනස් කිරීම්වලට අනුව එම නිලධාරීන් දෙදෙනා විසින් කූට ලේඛන ද සකස් කර ඇති බව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සටහන් වෙනස් කර කූට ලේඛන හැදූ සාජන්ලා අමාරුවේ
අරවින්ද මොනරවිල Tuesday, 14 May 2024 02:21 PM
කූට ලේඛන හදන්න පොලිසිය කොහොමටත් දක්ෂයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතුලෙත් ඇති ඕන තරම් ඕවට දක්ෂ කට්ටිය.