
(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ වගකීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා භාරගත් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායක මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
කොළඹදී අද පැවති සමග ජන බලවේගයේ නව ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලබාදීමේ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නියෝජිතයන්ට මේ බව දැනුම් දුන් බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරන සියලු කටයුතු සිදුවනු ඇති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
පළාත් සභා මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක ඒකාබද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවනු ඇති බවත් ඔහු තවදුරටත් කීවේය.
2025 නොවැම්බර් මස 21
62
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1014
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සජිත් එජාප දීගය බාර ගනී