(මනෝපීය ගුණසේකර)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධය මෙහෙයවූ බවට සැක කරන වැඩ තහනමට ලක් කර සිටින අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතාට අයත් බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් ඇතුළු මෝටර් රථ තුනක් සහ ඉඩම් දෙකක් අන්සතු කිරීම හෝ පැවරීම තහනම් කරමින් පනවා ඇති නියෝගය තවත් මාස දෙකක කාලයක් සඳහා දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (16) නියම කළේය.
සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතා අයතා ලෙස හෝ නීති විරෝධී අන්දමින් වත්කම් උපයාගෙන ඇත්දැයි හෙළිකර ගැනීම සඳහා ආරම්භ කළ විමර්ශන තවදුරටත් කරන බව දැනුම් දෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයථා මුදල් හා දේපල උපයා ගැනීමේ විමර්ශන අංශයේ නිළධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා දේපළ තහනම් කරමින් පනවා ඇති නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කළේය.
මෙලෙස තහනම් කරන ලද්දේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතාට අයත් බව කියන සී .බී.සි 7199 දරණ කාර් රථය, අංක එල්.එල්. 9725 දරණ ලොරි රථයක්, උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් නුවරගම් කෝරළයේ පිහිටි අක්කර හතරකට අධික ඉඩම් කොටස, සමඟිපුර ගමේ රජයේ ඉඩමකට මායිම්ව පිහිටි අක්කර එකකට අධික ඉඩම් කොටස .
සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් කොමිෂමේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන තවදුරටත් සිදුකරන හෙයින් සංජීව මහානාම මහතාට අයත් මෝටර් රථ සහ ඉඩම් අන් අයට පැවරීම හෝ විකිණීම වළකාලමින් පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කරන්නයි ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අල්ලස් කොමිෂමේ ඉල්ලීමට අවසර දුන් විනිසුරුවරයා අදාළ මෝටර් රථ සහ ඉඩම් සම්බන්ධයෙන් පනවා ඇති තහනම තවත් මාස දෙකක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කළේය.
ඒ අනුව ලබන වසරේ පෙබරවාරි මස 18 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ තහනම් නියෝගය දීර්ඝ කිරීමට විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සංජීව මහනාමගේ දේපල පැවරීමේ තහනම දීර්ඝ කරයි