IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සජබ ලියාපදිංචි කලේ මංගල

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා යැයිද මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර එය නොදැන සිටීම පුදුමයට කාරණයක් යැයිද කොළඹ දිස්ත්‍රික් සජබ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය

කංචන විජේසේකර  පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශය නිසා යම් නොමඟ යැවීමක් සිදුවී තිබෙන බව කී මන්ත්‍රීවරයා 2020 පෙබරවාරි මාසයේ සිට සමගි ජන බලවේගයේ ලේකම්වරයා රංජිත් මද්දුම බණ්ඩාර මහතා වන අතර  නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස බව පැවසීය.

2020 මාර්තු මාසයේදී මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදෙන විට එම නාම යෝජනා පත්‍ර අත්සන් කළේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා  බවද එරාන්  වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

සජබ මහලේකම් වරයාගේ පත්වීම නීති විරෝධී බවත්  නාමයෝජනා අවලංගු කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂය පැවරූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රංජිත් මද්දුම  බණ්ඩාරගේ පත්වීම නීත්‍යානුකූල බවට පිළිගෙන තිබෙන්නේ යැයිද එරාන් වික්‍රමරත්න මහතා කීය.



අදහස් (8)

සජබ ලියාපදිංචි කලේ මංගල

සිල්වා Thursday, 09 May 2024 04:56 PM

දේශපාලන වාසියට අසත්‍ය ප්‍රකාශ කරන දේශපාලකයින් නිසා මහජනතාව නොමග යත අතර රටද විනාශයට පත්විය. දේශපාලන බලය ලබාගැනීමට අසත්‍ය ප්‍රකාශ කරන දේශපාලකයින්ට එරෙහිව කටයුතු කිරීමට නීතිරීති අවශ්‍යයි...

:       0       49

මහසෙන් Thursday, 09 May 2024 06:23 PM

ඇත්ත කතාව මෙයාලත් දැන් ඉන්නෙ බයෙන්.මොකක් හරි පොයින්ට් එකක් අල්ලගෙන ලොක්කටයි ගෝලයන්ටයි අන්තිම මොහොතේ හරි පරිප්පුවක් කන්න වෙයි කියලා..

:       7       23

Nirvan Thursday, 09 May 2024 06:38 PM

මං දන්නා විදිහට කාංචන විජේසේකර සජබ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ පක්ෂයේ ඉතිහාසය දැනගෙන සිටීම අත්‍යාවශ්‍ය නෑ. මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් සජබ ගැන දැනගන්න අවශ්‍යයි කියලා නීතියක් නැහැ.

:       33       11

PereraFriday, 10 May 2024 12:32 AM

එහෙනම් දන්නේ නැති මගුලක් ගැන පාර්ලිමේන්තුවේ කාංචන යා කතා කෙරුවේ මොකද ?

:       2       7

ravin Thursday, 09 May 2024 06:50 PM

වැඩිය ගණන් ගන්න එපා. බූරු පුතා සමග මේ තවත් නිවේදනයක් ප්‍රකාශ කළා පමණි.

:       20       13

Deepal Nirosh Thursday, 09 May 2024 10:45 PM

මේකට කෑ කෝ ගහගන්න අවශ්‍ය නැහැ, ඉදිරියේ දී නඩුව පැවරුවහම ගරු අධිකරණය නෛතික භාවය තීරණය කරාවි.

:       1       4

සෙනෙවිරත්න Friday, 10 May 2024 07:25 AM

සජිත්ගෙ මෝඩ ගති සියල්ලටම යටයි. අනේ ඉරාන් ඔබේ දැනුම පව්.

:       6       3

ගොන්සෙන් Friday, 10 May 2024 11:16 PM

අපි ආසයි තව පාරක් දෙපාරක් ඔයාලා දෙගොල්ලට කියලා කර ගන්න. අනේ මේ පාරත් කොහොම හරි බලේ අරන් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site