(සුජිත් හේවාජුලිගේ )
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගී වන ලෙසට ජනාධිපතිවරයා කළ නිල ආරාධනය සමග ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මෙතෙක් පිළිගෙන නොමැත.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය එම ආරාධනය පිළිගෙන ඇත. ඒ අනුව එම පක්ෂයේ නියෝජිතයකු සමුළුවට සහභාගි කරවීමට නියමිතය.
මෙම සාකච්ඡාවට සහභාගි වීමට ජනාධිපතිවරයා විවෘත ආරාධනය කරනු ලැබුවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුවය. කෙසේ වෙතත් පක්ෂයේ තීරණය හේතුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ පැමිණීමද අවිනිශ්චිත වී ඇතැයි දැනගන්නට ඇත .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ පක්ෂය සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි.
ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව සඳහා සෙසු සියලු දේශපාලන පක්ෂවල නායකයන්ටද ආරාධනා කරනු ලැබුවේ ණය වැඩපිළිවෙල සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් ඇති කර ගැනීමේ අරමුණින් යුතුව බව කියති.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජබ -ජ.ජ.බ. අයි.එම්.එෆ් සාකච්ඡාවට ජනපති කළ ඇරැයුම පිළිගෙන නෑ
Perera Monday, 11 March 2024 10:02 AM
ඕවට ගිහින් නිකන් කාලේ නාස්ති කරන්නේ මොකටද කියලා හිතෙන්න ඇති.කොහොමත් IMF එකට ඕන විදිහට අන්තිමට වැඩ සිද්ධ වෙන්නේ
රණසිංහ Monday, 11 March 2024 11:40 AM
මේ සාකච්ඡාව සඳහා සියලු දෙනා දේශපාලනය ගැන නොසිතා සහභාගීවීම අත්‍යවශ්‍ය බව කිව්වෙත් සජබයේ හර්ෂ. ඔහු හරි. මේ ජාතික කරුණක් මිසක් දේශපාලන කරුණක් නෙවෙයි. සජබය මේ ප්‍රතික්ෂේප කරන්නේ ජාතික කරුණක් සඳහා එක්වෙන්න බෑ කියලා බව ඔවුන්ට තේරිය යුතුයි. එය තේරුම් ගන්න බැරි නම් ඔවුන්ට රට පාලනය කිරීමට තරම් පුළුව්න් කමක් නෑ. අනුරත් එච්චරයි.
HafeelMonday, 11 March 2024 04:16 PM
ස ජ බ කෙසේවෙතත් ජාතික ජන බලවේගය නම්, මේ ගත්තු තීන්දු නිවැරැදියි. මුලින්ම මේ ජනාධිපති අවංකව සහ ප්‍රජාතාන්ත්‍රවාදීව කටයුතු කළයුතුයි. ඔහුගෙන් මේවා පේන්නේ නම් නැහැ. මේ ජනාධිපතිගේ කැබිනට් එකේ ඉන්නවා පට්ට දූෂිතයින්, හොරුන්, කප්පම් කාරයින්... අනික මේ ජනාධිපති යෝජනා කළ වත්මන් පොලිස්පතිට එරෙහිව අධිකරණයෙන් තීන්දු කරලා තියන්නේ ඔහු පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් කඩ කළා කියලා. තවද ඔහු විසින් යෝජනා කළ වත්මන් බ්‍රිතාන්‍යෙය් ශ්‍රී ලංකා මහ කොමසාරිස්ට බරපතල වංචා නඩු දෙකක් තියෙද්දීත් ඔහුව පත්කරලා තියන්නේ. මෙවැනි තත්වය උඩ මේ ජනාධිපති සමග කිසිම සාකච්ඡා හෝ කටයුත්තකට හෝ නොයා යුතුයි.