(අංජුල මහික වීරරත්න)
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් සිටියදී වැඩ ආරම්භ කර අවසන් නොකළ නිවාස 44,053ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244.58 ක මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව කී ඇමතිවරයා එම නිවාසවල ඉදිකිරීම් මේ වසරේ අවසන් කිරීමට අපේක්ෂා කරන බව කීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015-2019 කාලයේ නිවාස වැඩසටහන් 7ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කර තිබේ.
ආදර්ශ ගම්මාන වැඩසටහන, විසිරි ණය (ආධාර) වැඩසටහන, ග්‍රාම ශක්ති විසිරි ආධාර, විසිරි ණය වැඩසටහන, විරු සුමිතුරු, වකුගඩු ආධාර, ගංවතුරෙන් හානි වූ උතුරේ නිවාස ඉදිකිරීම මෙම ව්‍යාපෘති 7 වෙයි.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජිත් පටන් ගත් වැඩ ඉවර කරන්න ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක්
Perera Sunday, 12 May 2024 02:04 PM
රට පාලනය කරන්න නම් දරාපු තව එක අපරාධකාරයෙක්...
Sirisena Monday, 13 May 2024 12:06 PM
එයාගේ වගතුග මම දන්නේ නැහැ. ඒත් මෙයා එහෙම නොකළා නම් සජිත් ඇමැතිවරයා හැටියට වියදම් කළ කෝටි ගණනක් නාස්ති වෙනවා. ලංකාවේ මෙතෙක් කලක් සිදුවුණේ ආණ්ඩු මාරු සමග අලුත් ආණ්ඩුව ආවාම පැවැති රජයේ ව්‍යාපෘති නවතා දැමීම තමයි. එහෙම බැලුවොත් 1948 සිට සිදුවන්නට ඇති නාස්තිය කොපමණ මුදලක් අපතේ යවන්න ඇද්ද? අඩුම තරමින් විගණනයක් මගින්වත් මේවා ගැන ප්‍රශ්නයක් අහපු බවක් අහලා නැහැ...
Kazi Shajahan Sunday, 12 May 2024 04:30 PM
ප්‍රසන්න හදන්නේ ඔක්කොම ගැහිලි ගහලාම යන්න. නැවත ඇමතිකමක් කවදාවත්ම ලැබෙන්නේ නැහැනේ. ජීවත් වෙලා ඉන්නකන්...
විජිත් Sunday, 12 May 2024 10:23 PM
ඔය ගහන ගැහිලි හිරේදී වමාරන්න වෙනවා. සරම ගලවලා , කකුල් දෙකෙන් බාල්කයේ එල්ලලා, ඔළුවට මිරිස් කුඩු බෑග් එකක් දාලා , 2*2 පොල්ලකින් මසාජ් කලානම් හොරා කාපුවා , කප්පම් ගත්තු ඒවා, කොමිස් ගත්තු ඒවා ඔක්කොම වමාරයි.
රෝයි ෆෙඩ්රික්ස් Tuesday, 14 May 2024 02:10 PM
ඒ මොකද බං? කප්පම් ගන්නවට වඩා ඒක වාසිද?