(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා රුපියල් ලක්ෂ 37 වටිනා වෛද්‍ය උපකරණ තොගයකෙ පොල්ගස්ඕවිට වැතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිතව තිබූ උත්සවයක් මැතිවරණ කොමිසන් සභාවේ මැදිහත්වීමෙන් අද (23) අත්හිටුවීමට පියවර ගත්තේය .
වෑතර දිසා රෝහලේ විශාල අඩුපාඩුවක්ව පැවති රෝගීන්ගේ හෘද වස්තුව පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක්, 23 දා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙසේ පරිත්‍යාග කිරීමට චාම් උත්සවයක් සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී දයාරත්න බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් අභයගුනරත්න, නීතීඥ එරන්ද වැලිඅංගගේ , හෝමාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංග අබේසිංහ මහතා ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
මෙම උත්සවය පෙරවරු 10 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් පැයක පමණ කාලයක් ප්‍රමාද වූ අතර එම අවස්ථාවේ දී උත්සව භූමියට පැමිණි මොරටුව සහකාර පොලිස් අධිකාරී රමිඳු ද සිල්වා මහතා සහ කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතා සංවිධායකයින්ට දන්වා සිටියේ මෙම උත්සවය නවතා දමන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා තමන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
එහිදී බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් අබේගුණරත්න මහතා මෙම ප්‍රදානය දේශපාලන කෝණයෙන් නොබලන දිළිඳු ජනතාවට ලබාදෙන ප්‍රදානයක් ලෙස ලබා දීමට සලකා බලන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියේය.
එහෙත් ඊට අවසර ලබා දීමට නොහැකි බව පොලිසිය සංවිධායකයින්ට දන්වා සිටියේය .
පසුව මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් පොලිසිය වෙත එවා තිබූ ලිඛිත දැන්වීමක් ද සංවිධායකයින්ට ඇසෙන සේ ප්‍රකාශයට පත් කළ අතර එහි සඳහන්ව තිබුණේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සහ දේශපාලනඥයින් සහභාගී නොවී අදාළ පරිත්‍යාගය කරන ලෙසට මැතිවරණ කොමිසම සංවිධායකයින්ට දන්වා සිටින බවයි.
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සජිත්ගේ ප්‍රදානයක් මැකෝ නවත්වයි
Hemantha Tuesday, 23 June 2020 10:47 AM
ප්‍රදේශයේ සියලුම හෘද රෝගීන් වෙතයි. මේ නිසා ඡන්දය අවසන් වෙනතුරු ඔබලාගේ හෘද රෝග ප්‍රතිකාර කල්දැමීමට සිදුවනු ඇත...
වීරවිජේTuesday, 23 June 2020 11:44 AM
ඉතිං උත්සව තියලා දෙන්න ඕනයෑ? පිනට දෙනවා නම් නිකං දෙනවානේ...
මෝTuesday, 23 June 2020 04:17 PM
ගොන් කතා කියන්න එපා... ඡන්දෙ හින්දනේ ඕක කරන්නෙ පිරිවරම ගිහින්. සජී මෙච්චර කල් බලා හිටියේ ඇයි? මැතිවරන කොමිසම හරියටම හරි... දැන් ඉතිං සජීට අගමැති වෙලාම ඕක දෙන්න බැරියැ රාජ ලීලාවෙන්ම...
ලසන්තWednesday, 24 June 2020 12:56 AM
කවුරු ඩිස්ලයික් දැම්මත් හේමන්තගේ අදහස හරියටම හරි... මැතිවරණ අවස්ථාවේ ප්‍රදාන කිරීම් වැරදිවුත් මෙම පරිත්‍යාගය කිරීමට සූදානම් වී ඇත්තේ රාජ්‍ය ආයතනයක් වෙනුවෙනි. මෙවැනි ක්‍රියාවන් දේශපාලන ක්‍රියාවන් සේ සිතන අය ගැන ඇතිවන්නේ හරිම දුකක්...
BamunuarachchiWednesday, 24 June 2020 02:14 AM
සනීපාරක්ෂක තුවා බෙදන්න පටන් ගනීවි.
saji Tuesday, 23 June 2020 02:44 PM
සජිත්ගේ ගෝලයින් දෙන්නා ගෙනාපු බඩුත් ආයේමත් කුදලාගෙන ගියා... ඒ කියන්නේ මේක සත්භාවයෙන් දුන්නු එකක් නොවෙයි. තනිකර පුතාණෝගේ ඡන්ද මගඩියක් මෙච්චර හොඳ වැඩකට ගෙනාවා නම් දීලා හරි යන්න ඕනේ. මොකද ඕවා පාවිචිචි කරන්නේ දුප්පත් මිනිස්සුනේ...
කාවින්ද Wednesday, 24 June 2020 12:57 AM
තාත්තා කල දේ පුතා නොකළා නම් නොට්ටිගේ පුතා කියලා කතාවක් තියෙන්නේ නිකමට නොවේනේ.
Demuni Uduwara Wednesday, 24 June 2020 12:03 PM
නාමල් ඔතන හිටියා නම් මොකද වෙන්නේ?
Bamunuarachchi Thursday, 25 June 2020 06:52 AM
මුඛවාඩම් බෙදනවා වගේ මෙයත් සනීපාරක්ෂක තුවා බෙදුවා නම් කොහොම හිටීවිද?