IMG-LOGO

සචිත්‍රට එරෙහි නඩුවේ අධිචෝදනා භාරදීම කල් යයි

(සනත් ගමගේ)

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා  අද (09) හම්බන්තොට  මහාධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් ඔහුට  එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා භාරදීම සැප්තැම්බර් මස 24 දිනට කල් තැබීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක මහතා නියෝග කළේය.

සචිත්‍ර සේනානායක මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ නිතිඥවරුන් මාර්ගයන් (09) හම්බන්තොට මහාධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර චෝදනාව එල්ල වී ඇති ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් නඩුව කල් තැබීය.

2020 වසරේ පැවැති ශ්‍රී ලංකා ෆ්‍රිමියර් ලිග්ක්‍රිකට් තරඟාවලියේ දි මුදලට තරඟ පවාදීම සඳහා තවත් ක්‍රිඩකයෙකුට යෝජනා කර පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ හිටපු ක්‍රීකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිවනිතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලදී. ක්‍රීඩා දූෂණ වැලක් විමේ පනතට අනුව මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරඟ පාවා දීමේ චෝදනාව යටතේ නඩු පැවරීම සිදුකර ඇත.

 

 



අදහස් (0)

සචිත්‍රට එරෙහි නඩුවේ අධිචෝදනා භාරදීම කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 209 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 716 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1127 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site