IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සංචාරක ව්‍යාපාරයට සහන ඉල්ලා උද්ඝෝෂණයක්

 (එම් .සුසිල් ප්‍රියන්ත)

සංචාරක ව්‍යාපාරයට සහන ඉල්ලා අද (8) හික්කඩුව බස් නැවතුම් පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

උද්ඝෝෂණ තහනම් කර තිබියදීත් මේ උද්ඝෝෂණය පැවැත්වීම විශේෂත්වයකි.

මේ උද්ඝෝෂණය පැවැත්වීමට පෙර ප්‍රචාරක රථයකින් අද (8 ) පැවැත්වෙන උද්ඝෝෂණයට කිසිවෙකුටත් සහභාගී නොවන ලෙසත් මේ උද්ඝෝෂණය සදහා අධිකරණයෙන් තහනම් නියෝගයක් ගෙන ඇති බවත් පවසමින් ප්‍රචාරයක් ද යනු දක්නට ලැබිණ.

එහෙත් මේ උද්ඝෝෂණය පැවැත්වෙද්දී ගන්නා ලදැයි කියන තහනම් නියෝගය ගෙනෙහැර පෑමට කිසිම අදාළ බලධාරියෙකු පැමිණ සිටියේ නැත.

උද්ඝෝෂණය පැවති අතර තුර එයට ආරක්ෂාව සැලසීමට මෙන් හික්කඩුව පොලීසියේ ජීප් රථය එහා මෙහා යනු දක්නට ලැබිණ.

 සමගි ජන බලවේගය පක්ෂය සංවිධානය කර තිබූ මේ උද්ඝෝෂනයට හික්කඩුව නාගරික මන්ත්‍රී ආරාධනා ලාල් සහ රත්ගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී දුලාජ් තරංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

සංචාරක ව්‍යාපාරයට සහන ඉල්ලා හික්කඩුව බස් නැවතුම් පොළ ඉදිරිපිට කළ උද්ඝෝෂනයෙන් අනතුරව උද්ඝෝෂකයෝ පෙලපාලියකින් බස් නැවතුම් පොළ සිට හික්කඩුව මාලු අලෙවි සැල දක්වා පාගමනින් පැමිණයහ.

 එහෙත් ඊටද පොලීසියෙන් බාධාවක් දක්නට නොලැබුනු අතර උද්ඝෝසකයෝ එම ස්ථානයේ මාධ්‍ය අදහස් දක්වා විසිර ගියහ.



අදහස් (0)

සංචාරක ව්‍යාපාරයට සහන ඉල්ලා උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 542 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site