(නිමල කොඩිතුවක්කු)
කටුනායක ගුවන්තොටුපලෙන් ගෙඩබසින් සංචාරකයින්ගෙන් විවිධ පැමිණිලි හා මැසිවිලි දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් ඔවුන්ට හිරිහැර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්යන නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළමදී අද (28) පැවසීය.
ගමන්මලු ඔසවන්නන්, ටැක්සි රියදුරන් හා තැරව්කරුවන්ගෙන් සංචාරකයින් විවිධ අක්‍රමිකතාවයන් සහ හිරිහැර වලට ලක්වන බවට පැමිණිලි ලැබී ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ලොව බොහෝ ගුවන්තොටුපලවල තිබෙන අචාරශීලි බව හා සුහද බව කටුනායක ගුවන්තොටුපලේ නැති බවත් ගුවන්තොටුපල බලධාරීන් සමඟ අද (28) පැවති සාකච්චාවකදී ඔහු පැවසීය.
සංචාරක සමය එලඹීමත් සමඟ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයාට සහ නිලධාරීන්ට එහිදී නියෝග කලේය.
මෙවැනි අක්‍රමිකතාවන් වල යෙදී හසුවන අයට දැනට පනවා ඇති රුපියල් 25,000 දඩය රුපියල් 100 000 දක්වා වැඩි කිරීමටත් එහිදී තීරණය කෙරිණ.
එමෙන්ම මෙවැනි ක්‍රියාවන්හි නියැලෙන්නන් හසුකර ගැනීමට සිවිල් ආරාක්ෂරක කණ්ඩායමක් යෙදවීමටත්, සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පුළුල් කිරීමටත් උපදෙස් දුන් අමාත්‍යවරයා මෙම පැමිණිලි භාරගැනීමට සහ ක්ෂ්නිකව ක්‍රියාත්මක වීමට විශේෂිත කවුළුවක් ස්ථාපිත කිරීමටද උපදෙස් දුන්නේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සංචාරකයන්ට ගුවන්තොටේදී කරදර වැඩි වෙලා
karolis Tuesday, 28 March 2023 03:01 PM
සියල්ල කුණු වී ඇති රටක ගුවන් තොටුපල විතරක් ඉතුරු වෙයිද ඉතින්?
පිටිගල මිලානෝ Tuesday, 28 March 2023 03:34 PM
වෙන්නප්පු, මීගමු, පුත්තලම් බූරුවන්ගේ ලයිසන් ටැක්සි මාෆියාව, හොර ටැක්සි මාෆියාව නැතිකර ප්‍රමිතියක් ඇති වාහන පමනක් යොදවන්න. වායුසමීකරන ස්විච් එක පමනක් ඇති කෑලි හැලෙන වාහන බොහෝ ඇත. මූලිකව ටැක්සි කවුන්ටරයට ගෙවන්නේ සුඛෝපභෝගී වාහනයකට වුනත් ඇත්ත වාහනය දුටුවිට පයින් යන්න හිතෙනවා.
kamal Tuesday, 28 March 2023 04:03 PM
මේ තැරව් කරුවන් නම් මහ වදයක්.