IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


සැඟවුණු අමුත්තාදැයි ඇසූ දරුවාට පහර දුන්නාට ශරීර ඇප

(නිමන්ති රණසිංහ)

මුල්ලේරියාව එදිරිවීර සරත්චන්ද්‍ර විද්‍යාල භූමියේ පැවැති බක්මහ උළෙලේදී සැඟවුණු අමුත්තා දැයි පිටට තට්ටු කොට ඇසුවා යැයි උරණවී එකොළොස් හැවිරිදි දරුවකුට පහරදී තුවාල කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංග මහවත්ත මහත්මිය අද (02) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිඹුටාන පාර, අංගොඩ පදිංචි ශ්‍රීමාල් පෙරේරා නමැත්තාය.

මෙම අවුරුදු උත්සවයට සැකකරු සහ තවත් පිරිසක් පැමිණ එය නරඹමින් සිට ඇති අවස්ථාවේදී පහරකෑමට ලක්වූ එකොළොස් හැවිරිදි දරුවා සැකකරු අසලට පැමිණ “අංකල් ඔයාද සැගවුණු අමුත්තා” යැයි පිටට තට්ටු කරමින් ඇසූ අවස්ථාවේදී සැකකරු ඉතාමත් පරුෂ ව-චනයෙන් බැන වැදී ඇති බවත් එහිදී දරුවා සිය පියාට මේ බව පවසා ඇති බත් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

පසුව දරුවාගේ පියා සහ තවත් කිහිප දෙනකු පැමිණ “දරුවට කුණුහරුපයෙන් බැන්නේ ඇයිදැයි” විමසා ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමෙන් පසු සැකකරු සහ ඔහු සමග පැමිණ සිටි පිරිස දරුවාටත් ඔහුගේ පියාටත් තවත් කිහිප දෙනකුටත් පහරදී ඇතැයි පැමිණීල්ලේ සදහන්වන බව පොලීසිය අධිරණයට කරුණු වාර්තා කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප නියම කරමින් නඩුව ලබන 30 වැනිදා තෙක් කල් තැබීය.



අදහස් (0)

සැඟවුණු අමුත්තාදැයි ඇසූ දරුවාට පහර දුන්නාට ශරීර ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 750 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site