IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සංඝබෝධි විදුහල්පති නිදොස් කොට නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

හය වසරට දරුවකු ඇතුලත් කරගැනීම සඳහා එම දරුවාගේ මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි නිට්ටඹුව සංඝබෝධි මහාවිද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා නඩු විභාගය අතරතුරදී විත්ති වාචක නෙකැඳවාම සියළුම චෝදනවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් මහතා නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් ඔප්පු කොට නොමැති හෙයින් විත්ති වාචක නොකැඳවාම ඔහු නිදොස් කොට නිදහස් කරන්නැයි නීතීඥ රනිල් සමරසුරිය මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විදුහල්පතිවරයා නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් ඔප්පු කොට නොමැති බව තීරණය කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ නිට්ටඹුව සංඝබෝධි මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ බීග කුමාරසිංහ මහතාය.

ඔහු මිනුවන්ගොඩ අතිරේක අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කළ බවද නඩු ගොනුවේ සඳහන් වේ.

2016 පෙබරවාරී මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නිට්ටඹුව සංඝබෝධි මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරමින් එහි හය වසර පන්තියට දරුවකු ඇතුලත් කරගැනීම සඳහා එම දරුවාගේ මව වන යක්කල පදිංචි ශානිකා හෙට්ටිආරච්චි නමැත්තියගෙන් රුපියල් 50,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට විත්තිකාර විදුහල්පතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.

දරුවා පාසලට ඇතුලත් කරගැනීම සඳහා විත්තිකරු රුපියල් 50000/-ක් ඉල්ලු බවත් අදාළ අල්ලස් මුදල විදුහල්පති කාමරය තුලදී විත්තිකරුට දුන් බවත් ඒ අවස්ථාවේදී පාසැලේ ගුරුවරු” වෙනත් දරුවන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් එහි සිටි බවත් සාක්කි වලදී අනාවරණ විය

 



අදහස් (0)

සංඝබෝධි විදුහල්පති නිදොස් කොට නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site