(යොහාන් භාසුර)
ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය රුපියල් බිලියන 2.4 ක් හෙවත් රුපියල් කෝටි 240 ක් ප්‍රදානය කිරීමට කැමැත්ත පල කර තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධික්ෂණය මත ,මෙම ව්‍යාපෘතිය යටතේ මාර්ගය සංවර්ධනය කිරීම, විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීම, සීගිරි කෞතුකාගාරය, ආපන ශාලාව සහ ප්‍රවේශපත්‍ර කවුළුව ආදිය සංවර්ධනය කිරීම ඇතුළු කාර්යයන් රැසක් ඇතුළත් වෙයි.
මේ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානාත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැති අතර එයට කොරියානු අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය නියෝජනය කරමින් එහි දේශීය අධ්‍යක්ෂ යුන්ග්ජින් කිම්, නියෝජ්‍ය දේශීය අධ්‍යක්ෂ යොන්ග් වන් කිම්, අමාත්‍යංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ වෙන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
අයුතු ලෙස නිවසකට ඇතුළුවී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්
මීටියාගොඩ නිවාඩු නිකේතනයක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයකු. මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ
මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියය
පලාත් පාලන මැතිවරණයේ නිහඩ කාලසීමාව මේවනවිට ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සීගිරිය ලස්සන කරන්න කොරියාවෙන් කෝටි 240 ක්
ජයනාත් Sunday, 29 December 2024 04:33 PM
යටිමඩි නොගහ හරියට කළොත් සීගිරියට ආයේ අවුරුදු 25වත් මුකුත් කරන්න අවශ්‍ය නැත...
abeygunasekarasampath95 Sunday, 29 December 2024 10:13 PM
කරුණාකරලා කේබල් කාර් ක්‍රමය හඳුන්වා දෙන්න.