IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


සිංගප්පූරුවෙන් ලංකාවට මුඛ ආවරණ මිලියනයක්

(තිළිණි ද සිල්වා)

සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා මුඛ  ආවරණ මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

මෙම මුඛ ආවරණ පරිත්‍යාග කිරීමේ උත්සවය කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් සහ සිංගප්පූරු රජය නියෝජනය කරමින් සිංගප්පූරුවේ නිර්වේතනික කොන්සල් ජනරාල් ආචාර්ය ජයන්ත ධර්මදාස මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් විදේශ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහිදී එම පරිත්‍යාග බාර ගනිමින් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා කියා සිටියේ  මෙම වටිනා පරිත්‍යාගය තුළින් කාලෝචිත ලෙස පිළිබිඹු කෙරෙන හොඳහිත පිළිබඳව ටෙමාසෙක් පදනම සහ සිංගප්පූරු රජය වෙත සිය අවංක ස්තූතිය පළ කරන බවය.

සිංගප්පූරු රජය වෙනුවෙන්, සිංගප්පූරුවේ නිර්වේතනික කොන්සල් ජනරාල් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මාස් හෝල්ඩින්ග්ස් සමාගම සහ ටෙමාසෙක් පදනම එක්ව මෙම පරිත්‍යාගය ලබා දෙන ලද්දේ ආරම්භක පියවරක් ලෙස බවත්, ශ්‍රී ලංකාවට තවදුරටත් ආධාර ලබා දීම සඳහා සැලසුම් සකස් කෙරෙමින් පවතින බවත්ය.

ජාත්‍යන්තර ටෙමාසෙක් පදනම, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය,සංස්කෘතිය, ප්‍රජා ගොඩනැඟීමේ කටයුතු යනාදිය සඳහා සහාය වන සිංගප්පූරු රාජ්‍ය ස්වෛරී අරමුදලෙහි ලාභ නොලබන සංවිධානයකි.

ලිවින්ගාර්ඩ් තාක්‍ෂණය භාවිතා කරන ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් නිෂ්පාදකයින්ගෙන් එකක් වන මාස් හෝල්ඩින්ග්ස් ආයතනය විසින් මෙරටට පිරිනැමුණු මෙම මෙම ලිවිංගාර්ඩ් මුඛ ආවරණ නිෂ්පාදනය කර ඇත.

මෙම ලිවිංගාර්ඩ් තාක්‍ෂණයට ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරන රෙදිපිළි ඇතුළත් වන අතර, ඊට ශ්වසන වායුවෙහි පවතින විවිධ විෂබීජ කාර්යක්ෂම ලෙස විනාශ කිරීමට හැකියාව ඇත. මෙම නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත්‍රලාභී ලිවින්ගාර්ඩ් ප්‍රතිවෛරස තාක්‍ෂණය භාවිත කර ඇති අතර, එය විෂ රහිත හා නැවත භාවිතා කළ හැකි බවට සහතික කර ඇත.



අදහස් (0)

සිංගප්පූරුවෙන් ලංකාවට මුඛ ආවරණ මිලියනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1266 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site