IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සෞඛ්‍ය අංශයේ ප්‍රවර්ධනයට ඩීමෝ විසඳුම් රැසක්

සෞඛ්‍ය සේවා අංශය හා බැඳුනු සිය විසඳුම් තව දුරටත් පුළුල් කරමින්, දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රය උදෙසා ලබාදෙන දායකත්වය තව දුරටත් පුළුල් කිරීමට ඩිමෝ සමාගම කටයුතු කර ඇත. හෘද වාහිනී උපකරණ සම්බන්ධ ලොව ප්‍රසිද්ධ සන්නාම හඳුන්වාදීම මෙම ක්ෂේත්‍රයේ ඩීමෝ හි නවතම හඳුන්වා දීමයි. ඩීමෝ සමාගම ලොව ප්‍රමුඛ අනෙකුත් සන්නාමයන් හා අත්වැල් බැඳ ගනිමින් ශල්‍ය උපකරණ සැපයුම සඳහාද කටයුතු කර ඇති අතර පූර්ණ සෞඛ්‍ය විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ඩීමෝ බල ගැන්වී සිටියි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. ‘‘සෞඛ්‍ය සම්පන්න දේශයක් ගොඩ නැංවීම උදෙසා වූ අරමුණ සහිතව ඩීමෝ විසින් ශ්‍රී ලංකාවට අති නවීන පන්නයේ සෞඛ්‍ය සේවා විසඳුම් රැසක් හඳුන්වා දීමට සමත් වුණා. මේ හරහා රෝගීන් හට ඉහළම තත්ත්වයේ සේවාවක් ලබාගැනීමට අවශ්‍ය සියලු‍ම පහසුකම්, අදාළ සේවා සපයන්නන් වෙත ලබාදීමට ඩීමෝ හි අපට හැකිවීම ඉතා සතුටට කරුණක්.”‍

ඩීමෝ හි අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘‘තෙල්දෙණිය, කඹුරුපිටිය, වව්නියාව, බිබිල, කන්තලේ, දික්ඔය, කින්නියා, මුතූර් සහ රිකිල්ලගස්කඩ වැනි ග්‍රාමීය ප්‍රදේශද ඇතුළුව මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් Siemens සහ Drager ඇතුළු ලොව ප්‍රසිද්ධ වෙළඳ නාමවල සෞඛ්‍ය විසඳුම් අප ලබා දී තියෙනවා. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ගේ චිකිත්සක ප්‍රතිකාර වැඩි දියුණු කරන, Carl Zeiss Multi Spot Green Laser therapeutic Microscope ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා වන්නේ ඩීමෝ ආයතනයයි.



අදහස් (0)

සෞඛ්‍ය අංශයේ ප්‍රවර්ධනයට ඩීමෝ විසඳුම් රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 364 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site