IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සැකකරු පොලිස් සිරමැදිරියෙන් පැන ගිහින්

(ගයාන් සූරියආරච්චි)

තලාව පොලිසියේ සිරමැදිරියේ රදවා සිටි සැකකරුවකුගෙන් ඇගිලි සටහන් ලබාගැනීම සදහා අපරාධ විමර්ශන අංශයට රැගෙන ගොස් නැවත සිර මැදිරියට රැගෙන එමින් සිටියදී ඊයේ (14) අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව තලාව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇත්තේ තලාව, ගම්බිරිස්වැව ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 19 ක පුද්ගලයකු බව පොලිසිය පවසයි.

නිවෙසක් බිඳ දේපොළ සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් (12) වැනිදා තලාව පොලිසියට ලද පැමිණිල්ලක් මත එම අපරාධයේ සැකකරු ඊයේ (14) දින සොරකම් කරන ලද දේපොළ සමග තලාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව සැකකරු පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රදවා සිටියදී පොලිස් සැරයන්වරයකු විසින් ඇගිලි සටහන් ලබාගැනීම සදහා සැකකරු අපරාධ විමර්ශන අංශයට රැගෙන ගොස් ඇගිලි සටහන් ලබාගැනීමෙන් අනතුරුව සැකකරු එම නිලධාරියා තල්ලුකර දමා අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පොලිසිය පවසයි.



අදහස් (0)

සැකකරු පොලිස් සිරමැදිරියෙන් පැන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site