(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මොරටුව අඟුලාන දෙවට පාරේ දී සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂාකර බැලීමේදී ඔහු ළඟ තිබිය දී තිබියදී සොයාගත් හෙරොයින් පැකට් හැට හයක් පොලිස් ස්ථානයට ඉදිරිපත් නොකර නිවසේ සඟවාගෙන සිටි බව කියන අඟුලාන පොලිසියේ රාජකාරිය කරන පොලිස් කොස්තාපල්වරයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයාඑම සැක කටයුතු සැකකටයුතු පුද්ගලයා ළඟ තිබී ත්‍රීරෝද රථ ටයර් දෙකක් දසොයාගෙන ඇතත් එයද පොලිස් ස්ථානයට ඉදිරිපත් කර නොමැති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අඟුලාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 21 වෙනිදා රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටියදී දෙවට පාර අසළදී සැකකටයුතු පුද්ගලයකු පරික්ෂා කර ඇත.
මෙම සැක කටයුතු පුද්ගලයා ළඟ තිබූ පාර්සලයක් සහ තීරෝද රථ රෝද දෙකක් දසැකකාර පොලිස් කොස්තාපල්වරයා බාරයට ගෙන ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
සැකකටයුතු පුද්ගලයා පොලිස් නිලධාරීන් ගෙන් බේරී පලා ගොස් ඇති අතරපලා යන පුද්ගලයාට වෙනත් ස්ථානයක දී පිරිසක් විසින් පහර දීම නිසා ඔහු තුවාල ලබා රෝහල් ගත වී ඇතැයි පොලිසිය කියයි.
පහර කෑමට ලක් වූ පුද්ගලයාතමා සන්තකයේත්‍රීරෝද රථටයර් දෙකට අමතරව හෙරොයින් අඩංගු පාර්සලයක් තිබූ බව පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇතැයි කියති.
ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේනිවස පරීක්ෂාකර බලා හෙරොයින් මිලිග්‍රෑම් 1800 ක් සහිත පැකට් හැට හයක් අඩංගු බෑගය සොයාගෙන තිබේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන් අනතුරුවය.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයාඅධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි.
ත්‍රීරෝද රථ ටයර් 2 සොයා ගැනීමට ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ගල්කිස්ස කොට්ඨාස කොට්ඨාශ අපරාධ විමර්ශන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැකකරුගෙන් ගත් හෙරොයින් පොලීසියට නොදුන් පීසී අත්අඩංගුවට