
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගයාන් සූරියආරච්චි)
රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයකුගෙන් කෝටි හතරක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන කාන්තාවක ඇතුළු සිවුදෙනකු කොල්ලුපිටිය ප්‍රදේශයේ බැංකුවක් අසලදී වැටලීමක් කර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අත්අඩංගුවට ගැනුණු කාන්තාව කඩවත ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර අනෙක් තිදෙනා දෙමඩගොඩ කොළඹ 12 විල්සන් මාවතේ සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
රහස් පොලිස් නිලධාරිනියක සහ නිලධාරින් ලෙස පෙනී සිටි සිවු දෙනකු මීට දින කිහිපයකට ඉහතදී කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවෙසක තිබූ එක්කෝටි විසි ලක්ෂයක මුදලක් සහ ඇමෙරිකන් ඩොලර් 3500ක් නීති විරෝධී ලෙස උපයා ගත් බව කියමින් ඔවුන්ගේ බාරයට ගෙන රැගෙන ගොස් ඇත.
මීට අමතරව එම නිවෙසේ සිටි ඉන්දියන් ජාතිකයකු සතු විදෙස් ගමන් බලපත්‍රය ද රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි මෙම අය විසින් රැගෙන ගොස් ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිසමේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ඊට විරුද්ධව ක්‍රියාමාර්ග නොගෙන උදව් කිරීම සඳහා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් පැමිණිලිකරුගෙන් ඉල්ලා ඇත.
එම මුදල කෝටි තුනහමාරක් දක්වා අඩු කරගෙන එම මුදලින් රුපියල් කෝටියක මුදලක් කොල්ලුපිටිය ප්‍රදේශයේ බැංකුවක් අසලදී එම ව්‍යාපාරිකයාගෙන් ලබාගත් බව කියන අවස්ථාවේ වැටලීමක් සිදු කර මෙම සිව් දෙනා අත්අඩංගුවට ගත් බව කොමිසම පවසයි.
2025 දෙසැම්බර් මස 18
439
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීඅයිඩී වෙසින් කෝටි හතරක කප්පම් ඉල්ලලා