IMG-LOGO

සංජය මහවත්ත රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බොරු චෝදනා එල්ල කළේ යැයි කියන මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත සැකකරු ලබන 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.

සාධාරණ හේතුවක් නොමැතිව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කිරීම ,අසත්‍ය තොරතුරු එල්ල කරමින් රහස් පොලිස් නිලධාරීන්ට බාධා කිරීම,අධිකරණයට හෝ පොලිසියට පදිංචි ස්ථීර ලිපිනයක් ලබාදීමට අපොහොසත් වීම සහ අධිකරණයක් මගින් වරින්තු ලද පුද්ගලයකු වීම හේතුවෙන් සැකකරුට ඇප ලබා දිම ප්‍රතික්ෂේප කල මහේස්ත්‍රාත්වරයා ලබන පළවෙනි දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට  සැකකරු ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර අධිකාරියට නියෝග කරමින් දන්වා සිටියේය.

නීතිය ක්‍රියාවේ යෙදවීමේ නිරත වන රහස් පොලිසියට හා නිලධාරීන්ට  අගෞරවය හා වෛරය  ඇති කරවන ප්‍රකාශ නිකුත් කිරීම,යම් තැනැත්තෙකුට පාඩු අලාභ සිදු කිරීමේ චේතනාවෙන් බොරු චෝදනා එල් කිරීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින්  සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

 


සංජය මහවත්ත වරෙන්තුකරුවෙක්දැයි අධිකරණයෙන් වාර්තාවක් ඉල්ලයි

(රෝෂන් තුෂාර)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බොරු චෝදනා එල්ල කළේ යැයි කියන ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත සැකකරු වරෙන්තු කාරයෙක්ද නැද්ද යන්න පිළිබඳව වහාම අධිකරණයට වාර්තාවක් ගොනුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ  ගමගේ මහතා රහස් පොලිසියට නියෝග කරමින් දන්වා සිටියේය.

සංජය මහවත්ව සැකකරුට එරෙහිව ළමා හා කාන්තා කාර්යාංශය මගින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බවත්,අදාළ නඩුවට කරුණු ඉදිරිපත් නොකළ සැකකරුට මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවත් නිකුත් කර ඇති බවත් රහස් පොලීසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව  මෙම නියෝගය නිකුත් කළේය.

නීතිය ක්‍රියාවේ යෙදවීමේ නිරත වන රහස් පොලිසියට හා නිලධාරීන්ට  අගෞරවය හා වෛරය  ඇති කරවන ප්‍රකාශ නිකුත් කිරීම,යම් තැනැත්තෙකුට පාඩු අලාභ සිදු කිරීමේ චේතනාවෙන් බොරු චෝදනා එල් කිරීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින්  සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර කරුණු ඉදිරිපත් කිරීමේදී මෙම නියෝගය නිකුත් කිරිනි.



අදහස් (5)

සංජය මහවත්ත රිමාන්ඩ්

අරවින්ද මොනරවිල Friday, 28 June 2024 12:32 PM

අනුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය වැඩ කරන චරිතයක්, එයා දැම්ම කැටයම් දැන් එයාටම බලන්න වෙලා........

:       9       10

පිටිගල මිලානෝ Friday, 28 June 2024 01:41 PM

පියුමිට විරුද්ධව කාටවත් ඇඟිල්ලක් උස්සන්න බැරි බව රටේ ජනතාවට තේරුම් කරලා දෙන්න ගත්තු පියවර නෙවෙයිද මේ? ලැජ්ජයි පොලිස් ඇමතියෝ…. සන්ජය මහවත්තද දැන් මේ රටේ ලොකුම අපරාධ කාරයා? දැන් තේරෙනව නේද පියුමිගේ රෙද්ද පල්ලේ තියෙන්නේ කාගේ කාගේ හොර සල්ලිද කියලා….. අපි හරි ආණ්ඩුවක් හදමු…!

:       5       31

Likil Friday, 28 June 2024 03:56 PM

පූසාගේ තියෙන ශක්තිය, බලය පේනවද?

:       1       21

Prabha Friday, 28 June 2024 04:33 PM

පියුමිට තියන බලය ඔන්න බලාගන්න

:       2       21

Lalla Friday, 28 June 2024 04:38 PM

පියුමි හංසමාලී වැඩ පටන්ගත්ත වගේ නේද?

:       2       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 125 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2250 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 696 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site