
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ පළාත් සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසුව ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) දිනක ආදායම රුපියල් මිලියන 60 ත් 65 ත් හෙවත් කෝටි හයක් ඉක්මවා වර්ධනය වී ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ලංකා ගමනා ගමන මණ්ඩලය මේ වන විට බස් රථ 4700 ක් ධාවනයට යොදවා ඇති බවත් තවත් බස් රථ 500 ක් පමණ ධාවනයට යෙදවීමේ හැකියාව ඇති බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කීය.
ලංකා ගමනා ගමන මණ්ඩලය හැකි උපරිමයෙන් බස් ධාවනයට යොදවා ජනතාවට ගමන් පහසුකම් ලබා දෙමින් ආදායම වැඩි කරගන්නා බවත් පණ්ඩුක ස්වර්ණහංස මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට අන්තිමට පාඩු ලබන ආයතනයක්. අනේ මන්ද අපේ රටේ ආයතන
කලබල නොවන්න. මේ ආදායම පමණි. වියදම මීට සමානවම ඇත. ලංකාවේ රාජ්‍ය ආයතනවල තත්ත්වය එසේය. නැත්නම් තෙල් සංස්ථාව පාඩු අපි ණයට තෙල් ගහලද?