IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ෂාෆ්ටර්ගේ මරණය: රස පරීක්ෂකට යැවූ නඩු භාණ්ඩවල ආගන්තුක ඩී.එන්.ඒ සාම්පලයකුත්

(නිමන්ති රණසිංහ)

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ නඩු භාණ්ඩවල මරණකරුට අමතරව තවත් ආගන්තුකයකුගේ ජෛව සාම්පලයක් (ඩී එන් ඒ) ඇතුළත්ව ඇතැයි රස පරීක්ෂක වාර්තාවේ සදහන් වන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (14) කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් සිටීනම් හෝ එම අපරාධ ස්ථානයට මුලින් පැමිණී අයවලුන් අදාළ ඩී එන් ඒ රටා සමග සසැදීම සඳහා ලබන 20 වැනිදා තමන් වෙත යොමු කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා තමන්ට දැනුම් දී ඇතැයි ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ශරීර කොටස් කොළඹ මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි සාම්පල් වශයෙන් තබාගෙන ඇත්නම් අධිකරණය දැනුම් දෙන තෙක් ඒවා විනාශ කිරීමට හෝ වෙනස් කිරීමට හෝ පියවර නොගන්නා ලෙසට ද මහේස්ත්‍රාත්වරිය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා වෙත නියෝගයක් නිකුත් කළාය.

එසේම සාම්පල් වශයෙන් තබාගෙන තිබූ මරණකරුගේ ශරීර කොටස් අධිකරණයේ අවසරයකින් තොරව විනාශ නොකරණ ලෙසත් ඒවා ඉතාමත් සුරක්ෂිතව තබා ගන්නා ලෙසත් අධිකරණයෙන් රජයේ රස පරීක්ෂකවරයාට ද නියෝගක් නිකුත් කෙරිණී.



අදහස් (2)

ෂාෆ්ටර්ගේ මරණය: රස පරීක්ෂකට යැවූ නඩු භාණ්ඩවල ආගන්තුක ඩී.එන්.ඒ සාම්පලයකුත්

sg Tuesday, 14 February 2023 11:24 PM

මේ ඝාතනයට යුක්තිය ඉටුවිය යුතුයි.

:       0       2

fairoos Wednesday, 15 February 2023 12:13 PM

ඕවා හොයනවා බොරු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 574 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 724 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site