IMG-LOGO

ෂාෆ්ටර්ගේ බිරිය අධිකරණය කී කතාව

(නිමන්ති රණසිංහ)

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා තම ස්වාමියා සම්බන්ධයෙන් තමා ප්‍රකාශ නොකළ දේවල් අධිකරණයට වාර්තා කර ඇති බව සඳහන් කරමින් මරණයට පත්වූ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ  බිරිඳ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (04) දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළාය.

තම ස්වාමියා සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා තමාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් අතර, එහිදී තමන් නොකියූ දේවල් වෛද්‍යවරයා සිය වාර්තාවට ඇතුළත් කර එය අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව එහි අසත්‍ය කරුණු ඇතුළත්ව ඇති බවත් සදහන් කරමින් ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයාව සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිද ටානියා ෆර්මන් ෂාෆ්ටර් මහත්මිය එම දිවුරුම් ප්‍රකාශයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම දිවුරුම් ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ මරණයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා විසිනි.

මරණයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දෙඅත් බැඳ දමා තිබූ සිප් ටයි පටියේ දත් පාරවල් නොමැති බවත් එය කපාදැමීමේදී ඇතිවූ කඩතොලු සහිත කැළැල් පමණක් ඇතුළත්ව ඇති බවත් රජයේ රස පරික්ෂක වාර්තාවේ සඳහන්ව ඇතැයි ද ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිප් පටියේ දත් පාරවල් ඇති බවට සදහන් කරමින් එය නිරීක්ෂණය කර වාර්තා කැදවිම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රජයේ රස පරික්ෂකවරයා වෙත එම පටිය යොමු කර තිබූ අතර එම වාර්තාව ලබා දෙමින් රජයේ රස පරීක්ෂකවරයා මෙම වාර්තාව එවා ඇතැයි ද ජනාධිපති නිතීඥවරයා අධිකරණයට සදහන් කළේය.

එම රස පරීක්ෂක වාර්තාව ද විශේෂඥ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කරන ලෙස මෙහිදී ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.  ඒ අනුව එම වාර්තාව පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩයලයට යොමුකිරීමට මහේස්ත්‍රාත්වරිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.



අදහස් (0)

ෂාෆ්ටර්ගේ බිරිය අධිකරණය කී කතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 706 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1117 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site