
(විමුක්ති එස් රුද්‍රිගු)
ටයිම් සඟරාවේ 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව ඇත.
ටයිම් සඟරාව සෑම වසරකම පාඨක ඡන්දයෙන් ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා නම් කරනු ලබයි.
මෙවර ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවට මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් මිෂෙල් යෝ, මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, සෙරීනා විලියම්ස්,හැරී කුමරු,මේගන් කුමරිය සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ඇතුලත්ව සිටියත් ඒ සියලු දෙනා පරාජයට පත් කරමින් පෙරමුණ ගැනීමට ෂාරුක් ඛාන් සමත්ව ඇත.
ටයිම් සඟරාවේ පාඨකයන් මිලියන 1.2 කට වඩා වැඩි ප්‍රමාණයක් ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා නම් කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඉන් සියයට හතරක ඡන්ද ප්‍රතිශතයක් ෂාරුක් ඛාන් ලබා ගෙන ඇත.
දෙවන ස්ථානය සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නිදහස වෙනුවෙන් සටන් වදින ඉරාන ජාතික කාන්තාවක් හිමි කර ගෙන තිබේ.
තුන්වෙනි සහ හතරවෙනි ස්ථානය දිනාගැනීමට හැරී කුමරු සහ මේගන් කුමරිය හිමිකරගෙන ඇති අතර ඔවුන් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 1.9 කි.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෂාරුක් ඛාන් ලොව බලවතුන් අතර බලවතා වෙයි
යෝගා Friday, 07 April 2023 05:48 PM
හින්දි චිත්‍රපටි පිස්සන් එහෙනම් ඒකත් කලා..!
සත්‍ය ගවේෂී.Saturday, 08 April 2023 10:03 AM
අනේ යෝගා දන්නා තරම... බොහෝ මෝඩයින් හිතන්නේ හැමදේම දන්නේ තමන් විතරයි කියලා. කට වහගෙන ඉන්න තාක්කල් මෝඩයා, පණ්ඩිතයාලු. කට ඇරපු ගමන් ඔහු කව්ද කියලා තේරෙනවා...
BamunuarachchiThursday, 13 April 2023 11:51 AM
ෂාරුක් ඛාන්ලා කාට ලොකුද හලෝ? වැඩකට නැති හින්දි චිත්‍රපටි බලන එවුන්ට ලොකුයි...
BamunuarachchiTuesday, 11 April 2023 05:50 PM
යෝගා එකත් හරියට ලංකාවේ කව්දෝ කෙනෙක් ලෝකේ හොඳම නළුවා උනා වගේ තමයි. ඉන්දියාවෙන් පොල්පිත්තක් තරඟයට දැම්මත් දිනනවා. මේ ගොයියෝ අපිට නම් ලොකු නැහැ නේද?
Mr Don Friday, 07 April 2023 07:01 PM
කෝ අපේ විරුවා...?
kamalFriday, 07 April 2023 10:37 PM
101 වෙනියට ඉන්නේ එයා....
පැරකුම් Saturday, 08 April 2023 04:29 PM
මට නම් මේ කියන සියයට ගණන් අවුල්. 4% ක් ඡන්ද අරගෙන පළවෙනියා වෙනහැටි මට තේරුම් ගන්න අමාරුයි. කවුරු හරි පැහැදිලි කරල දෙනවා නම් සතුටුයි.