(නිමල කොඩිතුවක්කු)
ජාතික ආරක්ෂාව සලසන බවට පවසා බලයට පත්වූ ආණ්ඩුවෙන් ඉන්ධන පිරවුම්හලට ගොස් ඩීසල් ටිකක්, භූමිතෙල් ටිකක් මිලදී ගැනීමට ආරක්ෂාව නැතැයි ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවසීය.
රට විකුණනවා අනුරාධපුරෙන් එහාට යන්න බැහැ කියමින් බොරු බේගල් ඇද බලයට පත්වූ ආණ්ඩුව යටතේ වන්දනාවෙ යන අයට කහට කෝප්පයක් බොන්න වත්කමක් නොමැති බවත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
ජනතාවටත් විපක්ෂයටත් චෝදනා නොකර පොරොන්දු වූ පරිදි රට කරවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
“මේ ප්‍රශ්න මම ඇති කරපු දේවල් නෙමෙයි කියලා ජනාධිපතිතුමා පසුගියදා ජාතිය අමතා ප්‍රකාශ කළා. මේ ප්‍රශ්න හරිය’ ජනතාව නිර්මාණය කරපු දේවල් හැටියට තමයි එතුමාගේ කතාව. එදා මේ රටේ ජනතාව ලක්ෂ හැට නමයක් ඡන්දය දීලා මේ ජනාදිපතිවරයා පත්කරගත්තේ විශාල බලාපොරොත්තුවක් එක්කයි.
මේ රටේ සිසිටම් වෙනසක් කරනවා, ජාතික ආරක්ෂාව සලසනවා සෞභාග්‍යමත් දේශයක් බිහිකරන බවට පොරොන්දු වී බලයට ආපු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ අද ජනතාව අන්ත අසරණ බවට පත්වෙලා. ජාතික ආරක්ෂාව කෙසේවෙතත් ඉන්ධන පිරවුම් හලට යන්නෙත් අද ජනතාව මර බියෙන්.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරපු ගමන් ධනවතුන්ට බදු සහන දී රාජ්‍ය ආදායම බිලියන ගණනින් අහිමි කරගත්තා. එතනින් නොනවතී ගජ මිතුරන්ට විවිධ සහන ලබා දුන්නා. අපි දන්නවා මේ රටේ සීනි වංචාවක් වුණා පොල්තෙල් වංචාවක් වුනා. ඒවට පාලකයන් ඇහැ කන පියා ගෙන හිටියා.
එතනින් නොනවතී මේ රටේ ආර්ථිකයේ කොදු නාරටිය බදු කෘසි ආර්ථිකය විනාශ කළා. වී ගොවිතැන, තේ ගොවිතැනට පොල් සහ වෙනත් එළවළු වගාවන් වලට තිබිච්ච රසායනික පොහොර නතර කළා. පොහොර නිකන් දෙන්න ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණා. මැතිවරණ වේදිකාවේ පොහොර නොමිලේ දෙනවා කියලා ආපු ගමන් කාබනික පොහොර බිල්ලෙක් මැව්වා. ඒ නිසා පිටරටෙන් සහල් ආනයනය කරන්න ඩොලර් විශාල ප්‍රමාණයක් යොදන්න වුණා. අනිත් පැත්තෙන් මේ රටේ විශාල ලෙෂ ආහාර මිල ගණන් ඉහළ ගියා. මිල පාලනයට දවස ගානේ ගැසට් ගැහැවා’ ඒ එකකින්වත් ජනතාවට ප්‍රයෝජනයක් වුනේ නැහැ.
මේ ආණ්ඩුවේ අමනෝඥ තීන්දු හේතුවෙන් අද ජනතාව පීඩාවට පත්වෙලා. දැන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආන්ඩුවට අපි නෙමෙයි මේවට වගකියන්නේ කියලා අත පිහදගන්න බැහැ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ෂෙඩ්වලට ගිහින් තෙල්ටික ගන්නවත් අද ආරක්ෂාවක් නෑ