(නිමන්ති රණසිංහ)
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව දැනට නිකුත් කිරීමට ඇති සියළුම ඩී එන් ඒ වාර්තා සහ දුරකතන දත්ත වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරික්ෂකවරයාට අද (27) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තා විශ්ලේෂණය කර අවසන් බවට රස පරික්ෂක දෙපාර්තමේන්තුව දුරකතනය මගින් දැනුම් දුන් බැවින් එම වාර්තා කැඳවීමට නියෝගයක් ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව අදාළ විශ්ලේෂණ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය රජයේ රස පරික්ෂකවරයාට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශාෆ්ටර් මරණයේ සියළු වාර්තා අධිකරණයට කැඳවයි