IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටකිරීම ගැන විශේෂ පරීක්ෂණයක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.

එම නීති විරෝධී ක්‍රියාවේ යෙදුණු  කණ්ඩායම්වලට එරෙහිව  තරාතිරම නොබලා කටයුතු කරන බව   විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

විභාගය අවසන් වීමෙන් පසු ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය මාධ්‍යවලට නිකුත් කිරීමෙන් විභාගයේ රහස්‍යභාවයට කිසිදු හානියක් සිදු නොවූවද ඉන් දරුවන්ගේ මානසික තත්වයට බලපෑමක් එල්ල විය හැකි බව විභාගකොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2888කදී  පෙරේදා (15) පැවැත්විණ.

එම විභාගයට අපේක්ෂකයෝ  තුන් ලක්ෂ  තිස් හත් දහස් නවසිය පනස් හයක් පෙනී සිටියහ.

විභාග කටයුතු අවසන් වී පැය  දෙකක් ගතවීමටත් පෙර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබූ බව දෙපාර්තමේන්තුව පවසයි.

ශිෂ්‍යත්ව විභාගය පෙරේදා අවසන් වී පැය දෙකක් ගතවීමටත් පෙර මෙසේ පිට වී ඇත්තේ අංක 61313 දරන පළමු ප්‍රශ්න පත්‍රය සහ අංක  218013 දෙවැනි ප්‍රශ්න පත්‍රයයි.

විභාගයක්  නිමවී ප්‍රතිඵල පිටවන තෙක් විභාග  ප්‍රශ්න පත්‍ර විභාග දෙපාර්තමේන්තුවට අයත් රහස්‍ය  ලේඛන වන අතර ඒවා ඊට පෙර ප්‍රසිද්ධියට  පත් කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් වෙයි.

එවැනි නීතියක් හඳුන්වාදී ඇත්තේ විභාගය අවසන් වීමෙන් පසු විශේෂයෙන්ම  පෞද්ගලික උපකාර පන්ති ගුරුවරුන් එම ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධියේ සාකච්ඡා කරමින් ගුණදොස් විවේචනය කිරීමේ ප්‍රවණතාව වලක්වාලීමේ අරමුණින් යුතුවය.



අදහස් (3)

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටකිරීම ගැන විශේෂ පරීක්ෂණයක්

City Monday, 16 October 2023 06:08 PM

මේ විභාගයට කියන්නේ අම්මාගේ විභාගය කියලා...

:       0       0

ලංකාපුත්‍ර Monday, 16 October 2023 06:27 PM

පරීක්ෂණ කරන්න පහසුයි... මොකද ඔය අංක තියෙන ප්‍රශ්න පත්‍ර නිකුත්කළේ කාටද කියලා දෙපාර්තමේන්තුව දන්නවා ඇති... එම කාර්ය මණ්ඩලයේ කෙනෙක් කරන්න ඇති. හැබැයි මින්පසුව ප්‍රශ්න පත්‍රයේ අංකය දෙතුන් පලක මුද්‍රණය කරන්න ඕනෑ.. ශිෂ්‍යත්ව විභාගයේ මම දකින දුර්වලතා තමයි පුද්ගලික පන්තිවල පැරැණි ප්‍රශ්නපත්‍ර පමණක් කියාදීලා විභාගයට යැවීම... එයින් වෙන්නේ කිසිම ඉගෙනීමක් නැතුව ප්‍රශ්නපත්‍ර කටපාඩම් කිරීම පමණක් සිදුවීම.... එයින් විභාගය සමත් වෙනවා තමයි. ඒත් දරුවෝ අධ්‍යාපනය ලබාගෙන නැහැ. වසරින් වසර ප්‍රශ්නපත්‍ර සැකසීම වෙනසක් කළොත් හොඳයි කියලා හිතෙනවා...

:       0       7

මහජනයා Tuesday, 17 October 2023 10:47 AM

ඔව්... ඔව්... මේක තරාතිරම නොබලා දඩුවම් කිරීමේ විශිෂ්ඨ ඉතිහාසයක් තියෙන රටක්. ලැජ්ජයි... කොරෝනා ගැටලුව අවසන්ව වසර ගණනාවක් ගතවුණත් තවම ජාතික විභාග කාලසටහන හා පාසල්වාර නිවැරැදි කරගැනීමට නොහැකිව ලතවෙනවා. මේ නිසා රටට වන හානිය සුළු පටු නොවේ. කාලකන්නි දේශපාලුවන්ට හා නිලධාරීන් මේවා වගක් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site