(ඉන්දිකා රාමනායක)
ශ්‍රි ලංකා යුද හමුදාවේ 23 වැනි යුද හමුදාපතිවරයා හා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයෙන් නික්ම යාමේ උත්සවය අද පෙරවරුවේ බත්තරමුල්ල යුද හමුදා මුලස්ථානයේ දී සිදුවිය.
නික්ම යාම සදහා යුද හමුදා මුලස්ථානයට පැමිණි යුද හමුදාපතිවරයා එහි දී උණුසුම්ව පිළිත් අතර, යුද හමුදාපතිවරයා වෙනුවෙන් සම්මාන පෙළපාලියක් ද පැවැත්වීය.
යුද හමුදාපති ධුරය වැඩකටයුතු සාර්ථකව වෙනුවෙන් සියලු නිළයන් දෙනා ලබා දුන් සහය ස්තූතිය පුදකරමින් හමුදාපතිවරයා එහිදී සියලු දෙනා අමතමින් කතාවත් පැවැත්වීය.
ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් හිස් වු යුද හමුදාපති ධුරයට පත් කර ඇති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ද මෙම උත්සහය සදහා එක්ව සිටියේය.
යුද හමුදාවේ 23 වැනි හමුදාපති ධූරයෙන් නික්ම යන ශවේන්ද්‍ර සිල්වා මහතා නව යුද හමුදාපතිවරයාට සුබ පැතුම් එක්කරමින් ඒ මහතා වෙත නව යුද හමුදාපතිධූරය බාරදීම සංඛේතවත් වන ගෞරවනීය යෂ්ඨිය බාර දෙමින් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු දෙනාගේ ආචාර මැද යුද හමුදා මුලස්ථානයෙන් නික්ම ගියේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ශවේන්ද්‍ර විකුම්ට යෂ්ඨිය බාර දෙයි