(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය මේ වසර අවසානය වනවිට රුපියල් කෝටි හාර ලක්ෂයක පමණ (බිලියන 4000) පාඩුවක් ලබනු ඇතැයි රජය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ වනවිට වැඩිම පාඩුවක් ලබා ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවයි. එම සංස්ථාව ලබා ඇති පාඩුව රුපියල් කෝටි එක්ලක්ෂ පන් දහස් හත්සියයකි.
ඊට පසු ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි හැත්තෑ නව දහස් නව සියයක්ද ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි විසි හය දහස් එක සියයක්ද පාඩු ලබා ඇත.
මේ ආයතන ප්‍රතිව්‍යුහගත කර රටට බරක් නොවන තත්වයකට ගෙන ඒමට රජය කටයුතු කරන බවත් මේ සඳහා රැඩිකල් වෙනස්කම් ගණනාවක් කරන බවත් එම වාර්තාවේ සඳහන් වේ.
මේ ආයතනවල පාඩුව වසර ගණනාවක් තිස්සේ සෘජු හා වක්‍ර ලෙස දැරුවේ මහජනතාව බව පෙන්වා දෙන වාර්තාව මෙම බදු බර ජනතාව මත පැටවීම මින් ඉදිරියට නොකිරීම රජයේ ප්‍රතිපත්තියවී ඇතැයිද සඳහන් කළේය.
මේ අතර පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිව්‍යුහගත කිරීමට හෝ වසා දැමීමටද සමාන කාර්යයක නිරත වන ආයතන ඒකාබද්ධ කිරීමටද රජය තීරණය කර ඇත.
රජයේ පුනරාවර්තන වියදම් අඩු කිරීම හා අනවශ්‍ය වියදම් කපා ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් ලබාගත හැකි සෘජු හා කඩිනම් ප්‍රතිචාර ලැබෙන ආයෝජන ස්වරූපයේ ව්‍යාපෘති සදහා පමණක් වැඩි අවධානය යොමු කරන බවත් රජය පවසයි.
මේ අතර ලබන වසර සඳහා අවම වියදමකින් ආයතනයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය වන මුදල් පමණක් ඉල්ලුම් කරන ලෙස මුදල් අමාත්‍යාංශය රාජ්‍ය ආයතනවලට දැනටමත් දැනුම්දී ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්රී ලන්කන්, විදුලිය, ඛනිජ තෙල් පාඩුව කෝටි හාර ලක්ෂයට ළඟාවෙයි
ලංකාපුත්‍ර Sunday, 30 October 2022 06:23 AM
අනේ ඉතින් ඒ ආයතන වල ලොක්කො, සුක්කෝ සුරසැප විඳින්න රටේ අන්තිම අහිංසක නොදරුවන් පවා කීයකින් හෝ දායක වෙනවා. රටේ පාලකයින් ඔවුන්ට බලයේ සිටින්න මේවා වෙනස් කරන්න මහන්සි වෙන්නේ නැහැ. වෙනස් කරන්න උත්සාහ ගත්තොත් රජයේ දේපළ වනසනවා කියා පිකටින් කරන කාළකණ්නි දේශපාලුවන් රංචුත් ඉන්නවා.. ජනතා මතයක් විමසා හෝ මේවා නොපමාව පුද්ගලික අංශයට දියයුතුයි...!