
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ වියට්නාමය වසර 55 කට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන යන තානාපති සබඳතා, ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගතයුතු බව වියට්නාම තානාපතිනී ට්‍රින් තයි ටැම් මහත්මිය පැවසුවාය.
සභානායක ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ වියට්නාම තානාපතිනී ටි්‍රන් තයි ටැම් මහත්මිය අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ, සභානායක කාර්යාලයේදී පැවති හමුවකදී ඇය එසේ පැවසුවාය.
දෙරට අතර පවතින ද්වීපාර්ශවීය සබඳතා තවතවත් තරකිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂය අතර තිබෙන දැඩි සබඳතාවය ඉවහල් වන බව පැවසූ තානාපතිවරිය, පසුගිය සතියේ පැවති 95 වන වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ සංවත්සරයට ජනතා විමුක්ති පෙරමුණේ සහභාගීත්වය අතිශයින් අගය කරන බව ද සඳහන් කළාය.
මෙම සාකච්ඡාවට වියට්නාමයේ නියෝජ්‍ය තානාපති ලී වැන් හොන්ග් මහතා ද සහභාගී විය.

2025 නොවැම්බර් මස 17
3
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
853
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ශ්රී ලංකා - වියට්නාම සබඳතා තවදුරටත් තරකළ යුතුයි