
(කේ.ජී.කපිල )
ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන් වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් 05 දින කාම්බෝජය සමග කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරගයක් මෙම දෙරට අතර කාම්බෝජයේ නොන්පෙන් නුවර 09-10 දින පවත්වා තිබුණි .
එහිදී මෙම දෙරට 2 - 2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කර තිබීම නිසා ඔවුන්ට හිමි වූ දඩුවම් පහර ශ්‍රී ලංකා කණ්ඩායම 4 - 2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමග මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට අවස්ථාව උදා කර ගෙන තිබුණි .
මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 09/11 දින රාත්‍රී 11.10 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
2025 දෙසැම්බර් මස 18
661
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කටුනායකට
Bunny Preena Thursday, 12 September 2024 09:37 AM
සුබ පැතුම් දක්ෂයින්ගෙන් පිරි හොඳ කණ්ඩායමක්.... මෙම දක්ෂයින්ට දේශපාලනය සහ අනෙකුත් බලධාරීන්ගේ ඇගිලි ගැසීම් වලින් තොරව ක්‍රීඩා කරන්ඩ ඉඩ දුන්නොත් අපට ආසියාවේ බලවත් කණ්ඩායමක් වෙන්න පුළුවන්...