
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (4) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 132 කින් ජය ලැබීමට සමත් වූහ.
ශ්‍රී ලංකා පිල මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමට සමත් විය.
ලකුණු 324 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තාන් පිල ඕවර 42.1 කදී ලකුණු 191 කට සීමාවිය.
ධනංජය ද සිල්වා (39/3) සහ වනිඳු හසරංග (42/3) කඩුලුතුන බැගින් දවාගැනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කළහ.
කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 75 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 78 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ට 323
(පැතුම් නිස්සංක 43, දිමුත් කරුණාරත්න 52, කුසල් මෙන්ඩිසස් 78, සදීර සමරවික්‍රම 44, ධනංජය ද සිල්වා නොදැවී 29, දසුන් ශානක 23, වනිඳු හසරංග නොදැවී 29, මොහොමඩ් නබී 52/2, ෆරීඩ් අහමඩ් 61/2)
ඇෆ්ගනිස්තාන් පිල ඕවර 42.1 කදී සියලු දෙනා දැවී 191
(ඊබ්‍රහිම් ශද්‍රාන් 54, රමාට් ෂා 36, හෂ්මතුල්ලා ශහිදි 57, අෂ්මතුල්ලා ඔමර්ෂා 28, දුෂ්මන්ත චමීර 18/2, වනිඳු හසරංග 42/3, ධනංජය ද සිල්වා 39/3)

2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති