IMG-LOGO

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළ දමයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඇමරිකානු ඩොලර් 250 සිට 750 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම ගාස්තු ඉහළ දැමීමට අමතරව ජයග්‍රහණය කරන තරගයට සහභාගි වූ ක්‍රීඩිකාවකට ඇමරිකානු ඩොලර් 250 ක ප්‍රසාද දීමනාවක් බැගින් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බවත් සියලුම තරගවල අතිරේක ක්‍රීඩිකාවකට තරග මුදලින් සියයට 25 ක් ද පිරිනැමීමට තීරණය කළ බවත් එම නිලධාරියා කීය.

මෙම ගාස්තු ඉහළ දැමීම පසුගිය ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.



අදහස් (2)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළ දමයි

Lalla Wednesday, 15 February 2023 08:26 AM

හැබැයි පරදිනකොට කපල දාන්නත් මේ වේගයම ඕන.

:       0       0

Bunny Preena Thursday, 16 February 2023 02:42 PM

ප්‍රමාද වෙලා හරි ගත්තු තීරණය හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 510 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 689 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 280 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site