IMG-LOGO

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බාබවේ සංචාරය

(ටී.කේ.ජී.කපිල)

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගී වීමට  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දින අලුයම  සිම්බාබ්වේ බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය බාර නිලධාරීවරයා ද සනාථ කළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්ම නෙදර්ලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම් සමග පෙර පුහුණු වීමේ තරග දෙකකට සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

ඉන්පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඕමානය , අයර්ලන්තය , ස්කොට්ලන්තය යන රටවල ක්‍රිකට් කණ්ඩායම් සමග සිම්බාබ්වේ රාජ්‍යයේ බුලවායෝ සහ හරාරේ ක්‍රිකට් පිටිවල සීමිත ඕවර් 50 සුදුසුකම් ලැබීමේ තරග වලට සහභාගී වීමට නියමිතය.

එයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ ක්‍රිකට් කණ්ඩායම් 06 සමග තරග වැදීමට අවස්ථාව හිමි වේ.

මෙයට සමගාමිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් "A" කණ්ඩායම හොංකොං හි පැවැත්වෙන " නැගී එන ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලිය " සදහා සහභාගී වීමට ඊයෙ යෙන රාත්‍රී 09.00 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

 



අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බාබවේ සංචාරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site