IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍රත්වයේ විරසකයක් ඇතිවීමට ඉඩනොදිය යුතුයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික මිත්‍රත්වයේ විරසකයක් ඇති කිරීමට බාහිර බලවේගවලට ඉඩ නොතැබිය යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ උප සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි.

පවතින අර්බුදකාරී අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් මානුෂීය ආධාර තුළින් ඉන්දියාව සමඟ ඇති මිත්‍රත්වය ශ්‍රී ලංකාවට කෙතරම් වැදගත්ද යන්න පෙන්නුම් කර ඇතැයි ද ඔහු සඳහන් කරයි.

චීන ඔත්තු නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පළ වූ පුවතෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාවයේ ඉරිතැලීමක් ඇති බවට රාවයක් පැතිර යන බව පවසන මන්ත්‍රීවරයා මෙය ඉතා භයානක තත්වයක් බව ද සඳහන් කර තිබේ.

චීනයේ සූක්ෂම ඔත්තු නෞකාවක් මගින් ඉන්දියාවේ ඔත්තු බලන බවට ආන්දෝලනාත්මක තොරතුරු නිකුත් වී ඇති බැවින් ශ්‍රී ලංකාව මේ පිළිබඳව පූර්ණ අවධානය යොමු කළ යුතු බවත්, ශ්‍රී ලංකාව ඉන්දියාව, චීනය වැනි රටවල් සමඟ මිත්‍ර සබඳතා පවත්වා ගත යුතු නමුත් වෙනත් රටක් සම්බන්ධයෙන් ඔත්තු බැලීමට හෝ වෙනත් රටක් සමඟ ඇති වෛරය සමථයකට පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් කර ගැනීමට ඉඩ නොතැබිය යුතු බවද ඔහු කියා සිටී.



අදහස් (6)

ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍රත්වයේ විරසකයක් ඇතිවීමට ඉඩනොදිය යුතුයි

fairoos Monday, 01 August 2022 06:11 PM

බයියන්ගේ අදහස් බලමු

:       5       2

Prabha Monday, 01 August 2022 07:26 PM

නල්ලමලේ හොඳ හිත... පුළුවන් නම් ඉන්දියාවට කියලා උතුරු මුහුදට එක ධීවරයෝ ටික නවත්තලා දෙන්න.

:       1       0

chandima Monday, 01 August 2022 08:11 PM

නෑයෝ.., නෑයෝනේ... තරහ වුණාට පස්සේ යාලු වෙනවා.

:       0       0

මංගල Monday, 01 August 2022 09:24 PM

ඉන්දියාව කවද්ද අපි එක්ක මිතුරු කමින් හිටියේ...? අපිට අවුරුදු 30ක් පිටිපස්සෙන් පිහියන් ඇන්නා... තවත් අනිනවා. සත පහක උදව්වක් කළොත් කෝටියක කප්පම් ඉල්ලනවා. වෙන මොකුත් ඕනෑ නැහැ. අපි ආශ්‍රය කරන අයවත් තෝරලා බේරලා දෙන්නයි උත්සාහය....

:       0       0

de silva Tuesday, 02 August 2022 07:47 AM

මේ චීන්නු මහ කරදරයක්. ඉන්දියන් කාරයට අපි බැන්නට ඉන්දියන් කාරයා නොහිටින්න අපි තෙල් නැතුව පොහොර නැතුව මැරිලා. අමාරුවේ වැටුන වෙලාවේ චීනා අපේ දිහා ඇහැ ඇරලා බැලුවෙ නෑ.

:       1       0

saman Wednesday, 03 August 2022 08:28 AM

මේ මිනිස්සු තාම ලාංකික වෙලා නෑ. ඒකයි ඉන්දියාවට කඩේ යන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site