IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශ්‍රී ලංකාව ‘සුපිරි ඕවරයේදී’ ජය ලබයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඕක්ලන්ඩ්හිදී අද (2) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපිරි ඕවරයේදී ජය ලැබීමට සමත් වූහ.

මහීෂ් තීක්‍ෂණ යැවූ ‘සුපිරි ඕවරයට’ නවසීලන්තය ලකුණු 8 ක් පමණක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිල පන්දු දෙකකින් ලකුණු 12 ක් රැස්කරමින් ජයග්‍රහණ තහවුරු කළේය.

එහිදී චරිත් අසලංක දෙවැනි පන්දුවට හයේ පහරක් වාර්තා කරමින් ජය පෙණෙන මානයට ගෙන ඒමට සමත් විය. තෙවැනි පන්දුවට නිපන්දු ලකුණු 5 ක් ලැබීමේ ජයග්‍රහණය පහසුවිය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5 ක් දැවී ලකුණු 196 ක් රැස්කළ අතර නවසීලන්ත පිල ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 196 ක් රැස්කරමින් තරගය සමව අවසන් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලු 5 ට 196(කුසල් මෙන්ඩිස් 25, කුසල් පෙරේරා නොදැවී 53, ධනංජය ද සිල්වා 15, චරිත් අසලංක 67, වනිඳු හසරංග නොදැවී 21, ජේම්ස් නිශාම් 30/2) නවසීලන්තය ඕවර 20 කදී කඩුලු 8 ට 196 (ටොම් ලෙතම් 27, ඩර්ලි මිචෙල් 66, මාර්ක් චැප්මන් 33, ජේම්ස් නිශාම් 19, රචින් රවීන්ද්‍ර 26, ප්‍රමෝද් මධුෂාන් 37/2, වනිඳු හසරංග 30/2, දසුන් ශානක 20/2) 

 



අදහස් (3)

ශ්‍රී ලංකාව ‘සුපිරි ඕවරයේදී’ ජය ලබයි

Perera Sunday, 02 April 2023 11:29 AM

යාන්තම් ජාමෙ බේරුණා... නැතිනම් ලැජ්ජාවේ පණ යනවා.

:       6       13

Nihal Sunday, 02 April 2023 12:43 PM

බෝල ගැහිල්ලේත් නිමක් නැහැ...

:       4       8

swene Monday, 03 April 2023 05:26 AM

ප්‍රධානතම ක්‍රීඩකයින් වන වනිඳු, චරිත් සහ ධනංජය යන තුන්දෙනාම කොළඹින් පිට එකම පාසලකින් (රිච්මන්ඩ් විද්‍යාලයෙන්) බිහිවූ අය වීම විශේෂත්වයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site