IMG-LOGO

ශ්‍රී ලංකාව තවත් ලෝක වාර්තාවක් තබයි

(කේ. බුද්ධික කුමාරසිරි)

දුනුවායන් 128 දෙනකුගේ සහභාගිත්වයෙන් පැයයි විනාඩි හතලිහකදී  ඊතල 30,000 විදිමින් දුනු විදීමේ නව ලෝක වාර්තාවක් තැබීමට ශ්‍රි ලාංකාවට අද (16) සමත් විය.

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී මෙම වාර්තාව තැබීය.

ඉන්දියාව  මෙයට පෙර මෙම ලෝක වාර්තාවට හිමිකම් කියූ අතර ඔවුන් දුනුවායන් සිය දෙනකුගේ සහභාගිත්වයෙන් පැයයි විනාඩි තිහක් ඇතුලත ඊතල 17,000 විදිමින් එම වාර්තාව තබා තිබුණි.

මෙම ලෝක වාර්තාව තැබීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහභාගී විය.

සැජිටේරියන් දුනු විදීමේ ක්‍රීඩා සමාජය සහ රේස් කෝස් දුනු විදීමේ සමාගම මගින් මෙය සංවිධානය කර තිබුණි.

ඉන්දියාවේ වොලන් බුක් ඔෆ් වෝර්ඩ් රෙකෝඩ් ආයතනය විසින් නිකුත් කරන ලද ලෝක වාර්තාව බිහි කළ බවට සහතිකය ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා වෙත ප්‍රදානය කල අකාරය ඡායාරූපයෙන් දැක් වේ.



අදහස් (4)

ශ්‍රී ලංකාව තවත් ලෝක වාර්තාවක් තබයි

සුපුන් Monday, 17 July 2023 08:20 AM

මම මේ ප්‍රවෘත්තිය බලනකොට නිකම් හිතුන මිට කලින් මේ වාරතාව තියන්න ඇත්තේ ආසියානු රටක් වෙන්න ඇති කියලා. කොහොමත් ඉන්දියාවයි ලංකාවයි කියන්න‍ෙ සමාන අදහස් කියෙන රටවල්

:       0       6

Bunny Preena Monday, 17 July 2023 09:12 AM

සුභ පැතුම් .දුනු විදීමේ වාර්තාව අපේ ක්‍රීඩකයින් තිබ්බා වගේම .ජනතාවගේ කන විදීමේ ලෝක වාර්තාවත් අපේ දේශපාලකයින්ට බොහොම ලෙහෙසියෙන් පුළුවන්නේ

:       0       4

Pradeep Kumara Monday, 17 July 2023 01:04 PM

අපරාදේ.. හෝමාගමට යන්නෙ නැතුව පාර්ලිමේන්තුව ඉවර වෙලා කට්ටිය එන වෙලාවක මග ඉදලා ඔය වැඩේ කලානම් වාර්තාවේ අගය තව වැඩි කරගන්න තිබුනා.

:       1       15

පවන් Tuesday, 18 July 2023 01:37 AM

අපේ ආදිවාසී හෙවත් වැදි කොල්ලන් දැම්මා නම් ඊතල 60,000 උනත් විදීවි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site