(තිළිණි ද සිල්වා)
ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ජනතාව එක්සත්ව එක්ව වැඩ කළ යුතුයැයි සාමකාමී රැස්වීමේ සහ සංගම් පැවැත්වීමේ නිදහසට ඇති අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත ක්ලෙමන්ට් න්‍යාලෙස්ට්සොසි වූලී මහතා ප්රකාශ කර සිටී.
එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා ඉකුත් 26 වැනිදා සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් මේ බව ප‍්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අපේ‍්‍රල් ප‍්‍රහාරයෙන් පසුව රට තුළ වෛරී භාෂණය යොදා ගැනීම වැඩිවෙමින් පැවතීම පිළිබඳව ද ඔහු සිය කනස්සල්ල පළ කර ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
බහුතර ප‍්‍රජාවේ සාමාජිකයන්ගේ ප‍්‍රචණ්ඩ කතාවන්ට නිරන්තරයෙන් දඬුවම් කරන්නේ නැතිබවද, වෛරී සහ සාවද්‍ය ප‍්‍රවෘත්ති පතුරුවා හැරීමට සමාජ මාධ්‍යය යොදා ගැනීමෙන් මෙය වඩාත් තිව‍්‍ර වී ඇතිබවද, එක්සත් ජාතීන්ගේ නියෝජිත වූලී මහතා පෙන්වා දේ.
ඒ මහතා මෙසේද කියා සිටී.
‘‘සාමකාමීව රැස්වීමේ සහ සංගම් පැවැත්වීමේ නිදහසට ඇති අයිතිවාසිකමේ මූලය වන්නේ ජනතාවට එකට එක්ව ඔවුන්ගේ හඬ ඇසීමට සැලසීමට ඇති හැකියාවයි. රට මෙතෙක් අත්කර ගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රගතිය නංවාලීම සඳහා ශ‍්‍රී ලංකාවේ ජනතාව එක්සත්වීම වැදගත්.
රාජ්‍යය කෙරේ මානව අයිතිවාසිකම් පිළිබඳ බැඳීම් පැහැදිලිවම නිර්මාණ කෙරෙන අන්තර්ජාතික මානව අයිතිවාසිකම් ගිවිසුම් බොහොමයකට ශ‍්‍රී ලංකාව පාර්ශවයක් වන අතර එම බැඳීම් බොහෝ දුරට පිළිබිඹු වන ආකාරයේ නීති සම්මත කර ඇති තිබුණ ද සමාජයේ පවතින බෙදීම් ඒවා සම්පූර්ණයෙන් සාක්ෂාත් කර ගැනීමට ඇති තර්ජන පෙන්නුම් කර තිබෙනවා.
විශේෂයෙන්ම ඉදිරියේ එළඹෙන ඡන්ද විමසීම්වලදී රටේ දේශපාලන නායකයන් නිදහසට, නීතියේ ආධිපත්‍යයට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ජනතාව තුළ පවතින කැමැත්ත ඉවත නොදැමීමත් දුෂ්කර සටන්වලින් අත්කර ගත් ප‍්‍රගතිය යටපත් නොකිරීමත් වැදගත්” යැයිද ඒ මහතා ප්රකාශ කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1632
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්රී ලංකාවේ ජනතාව එක්ව වැඩ කළ යුතු බව එ.ජා. නියෝජිත කියයි