IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


‘‘ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ලෝකයටම ආදර්ශයක්‘‘

(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ වැඩපිළිවෙල ඉතාම සාර්ථක බවත් සංවිධානාත්මක එන්නත්කරණය  මුළු ලොවටම ආදර්ශයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්රෝස් ඇඩනම් ගෙබ්‍රියෙසස් මහතා පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ  ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේදී රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සමග අද (3) පැවැත්වූ සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා  එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට පෞද්ගලිකවම දැක්වූ දායකත්වය සහ  සෞඛ්‍ය-ආරක්ෂක අංශ සහයෝගයෙන් අභියෝගයට මුහුණදීම ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සාර්ථක වීමට හේතු වූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රවල දියුණුවට අදාල කරුණු කිහිපයක්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එන්නත්කරණය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවේ  අත්දැකීම් බෙදා ගන්නා ලෙස අධ්‍යක්ෂක ජනරාල්වරයා  සෙසු රටවලට ආරාධනය කළේය.

මේ සාකච්ඡාවට ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී ඒ චන්ද්‍රප්‍රේම මහතාද  සහභාගී විය.



අදහස් (2)

‘‘ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ලෝකයටම ආදර්ශයක්‘‘

කිරි පුතා Thursday, 03 March 2022 06:59 PM

අපේ රටට ආදරය කරන උගතෙක් මෙතැන සිටීම දැකීමටත් සතුටක්

:       0       0

Sriland Friday, 04 March 2022 03:10 AM

ඒ ගැනනම් කියලා වැඩක් නැහැ. නියමෙට කරලා තියෙනවා. හැමතැනම පෝලිම්,... බඩුමිල අහස උසට නැගලා... අපි තමයි හොඳටම වැක්සීන් විකුණුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site