
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ආගමන විගමන පද්ධිතිය සම්බන්ධයෙන් සොයා බැලීමට සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ විශේෂඥයන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියි.
සිංගප්පූරුවට සමාන ප්‍රමිතීන් සාක්ෂාත් කරගැනීම සහ දියුණු තාක්ෂණය ඒකාබද්ධ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආගමන විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සහයෝගීතාවය ලබාදීම මෙම සංචාරයේ අරමුණ වන අතර ආගමන විගමන, වීසා නිකුත් කිරීම සහ පුරවැසිභාවය සම්බන්ධ සියලු ක්‍රියාවලීන් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට මෙය හොඳ අවස්ථාවක් වී තිබේ.
ගුවන්තොටුපල සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලු පද්ධතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව සිංගප්පූරුවේ පවතින උසස් මට්ටමට ගෙන ඒම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් දෙන ලෙස අමාත්‍ය ටිරාන් අලස් මහතා එම කණණ්ඩායමෙන්ඉල්ලීමක් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු හා නීතිය පිළිබඳ අමාත්‍ය කේ. ෂන්මුගම් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව එම කණ්ඩායම සතියක කාලයක් සඳහා මෙරටට පැමිණ තිබේ.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාවේ ආගමන විගමන දියුණුවට සිංගප්පූරුවේ සහාය
අරවින්ද මොනරවිල Wednesday, 29 May 2024 03:35 PM
රටේ මුල් පූටු වල ඉන්නේ හොරුන් අපරාධකරුවන් හෝ දූෂිතයන් ලෙස චෝදනා ලැබුවන්ය. එකෙක් මහ බැංකු වංචාවට හවුල්ය, තවත් එකෙක් සූනාමි ආධාර ගසා කෑ එකෙකි. තවත් එකෙක් කප්පං කාරයෙකි.ඒ නිසා මෙවැනි අපරාධකරුවන් මුල්වෙලා කරන සංවර්ධන ව්‍යාපෘති හො වෙනයම් කාර්ය්‍යයක් වුවද අවංකව හා රටට හිතකර ආකාරයෙන් කෙරුනු ඇත්දැයි සැක සහිතය. එබැවින් ජනතාවගේ වරමින් නව රජයක් පැමිණ රටේ සංවර්ධනයට හා අනෙක් කාර්ය්‍යන්ට මුල පුරන තෙක් ජනවරමක් නැතුව දැනට ව්‍යවස්ථා ගැට මගින් බලය ඩැහැගෙන සිටින කල්ලි වලට මෙවැනි භාරදුර්ය්‍ය කාර්ය්‍යන්ට මුල පුරන්න ඉඩ නොදිය යුතුය.
යෝගා Wednesday, 29 May 2024 04:10 PM
එතකොට අර VFSලා අකුල් ගිහින්ද නැත්නං තවත් අටමරාලයක්ද??
saman Wednesday, 29 May 2024 11:27 PM
සිංගප්පූරුවේ වැඩ කරන්නෙත් ලංකාවේ ඉන්දියාවේ බංග්ලාදේශයේ එවුන් තමයි.
Asanga samantha Thursday, 30 May 2024 10:18 AM
පගා ගුවාව
Bunny Preena Thursday, 30 May 2024 10:32 AM
මොන සිස්ටම් ගෙනාවත් වැඩක් වෙන්නේ නැහැ .ස්ථානවල වැඩ කරන්නේ හොරුයි,තක්කඩියොයි ,දූෂිතයිනුයි නම්